කුඩ්ඩෝ රකින මිගමුවේ අජූත පොලිස්කාරයන් කව්ද?

0
201

ඊයේ රාත්‍රියේ මිගමුව වැල්ලවිදියේ ධ්වර ප්‍රජාව වෙසෙන ගමකට පැමිණ පහර දුන් පොලිසිය අය කොයි පිරිසක්දැයි වැල්ලවිදියේ පල්ලියේ පියතුමා මාධ්‍ය හමුවේදි ඉතා පැහැදිලිව හෙළිදරව් කර තිබුණි.

ඒ අනුව ඉතා පැහැදිලි වන්නේ කුඩ්ඩන්ගෙන් කන බොන ඒ වෙනුවෙන් උන්ව රකින අජූත නිලධාරින් පිරිසක් මිගමුව පොලිසියේද සිට්න බවය.

මේ සම්බන්ධයෙන් දැනටමත් ප්‍රසිද්ධියට පත්ව ඇති විඩියෝ ගණනාවකින් හෙළිව තිබුනේ සැබැවින්ම තිරිසනුන් සේ මේ ඇතැම් නිලධාරින් කටයුතු කර ඇති බවය.

මේ නරුමයන්ට එරෙහිව යුක්තිය වෙනුවෙන් කටයුතු කරන්නට මිගමුව ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා කටයුතු කරන්නේදැයි මුලූ මිගමුවම දැන් බලා සිටි.

ඔහුගේ යුක්තිගරුක බව පිළිබද ලිට්මස් පරික්ෂණය වන්නේද එයයි.

මිගමුවේ කතෝලික පියතුමන්ලා මෙහිදි කටයුතු කරන ආකාරයද ඉතාමත් වැදගත්ය.

ඔවුන් මේ ගුටි කෑ අසරණයන් වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැනද මුළු මිගමුවම බලාගෙන සිටින බවද මෙහිලා සටහන් කළ යුතුය.