කුඩාපාඩුවේ ප්‍රාථමික විදුහල හදිස්සියේම වැසේ?

0
222

schoolමිගමුව කුඩාපාඩුව ප්‍රාථමික පාසැල හිටි හැටියේම වසා දමා එහි සිසු දරුවන් ඒත්තුකාලේ පාසැලට අනුයුක්ත කර ඇතැයි වාර්ථාවේ.මේ ක්‍රියාව අධ්‍යාපන කාර්යාලයේ ඉහල බලධාරින් විසින් පාසැලේ ගුරුවරුන් දෙමව්පියන් හෝ කිසිදු අයුරකින් දැනුවත් නොකොට ගනු ලැබු හිතුවක්කාර තිරණයක් යැයිද සැලය.මේ සම්බන්ධයෙන් කළ විමසුමකදි අධ්‍යාපන කාර්යාලයේ නිලධාරියෙකු කියා සිටියේ පාසැලේ ගොඩනැගිල්ලක් පුපුරා ඇති හෙයින් එහි ප්‍රතිසංස්කරණ කටයුතු කිරිම සදහා මෙසේ සිසුන් ඒත්තුකාලේ පාසැලට අනුයුක්ත කර ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here