කුඩාපාඩුව, ලුවිස් පෙදෙසේ, මිනි කොප් සිටි දැන් අලුත් තැනක

0
180

 


සීමාසහිත මීගමුව විවිධ සේවා සමුපාකාර සමිතිය මඟින් කුඩාපාඩුව , ලුවිස් පෙදෙසේ ස්ථාපිත කර තිබූ මිනි කොප් සිටි අලෙවි සල එම ස්ථානයට නුදුරින්,  එනම් කුඩාපාඩුව ලුවිස් පෙදෙසේ අංක 61, දරණ නව ස්ථානයේදී පසුගියදා අභිනවයෙන් විවෘත කෙරිණි.
ලුවිස් පෙදෙසේ කුලී පදනම මත ලබාගත් ගොඩනැගිල්ලක ,කලින් මිනි කොප් සිටි අලෙවි සල පවත්වාගෙන ගිය අතර  පසුගියදා විවෘත කෙරුණු මේ නව මිනි කොප් සිටි අලෙවි සල ස්ථාපිත කර ඇත්තේ, සීමාසහිත මීගමුව නව විවිධ සේවා සමූපාකාර සමිතිය සතු භූමියක තැනූ නව ගොඩනැගිල්ලකය.
කලින් ස්ථානයට වඩා වැඩි ඉඩ පහසුකම් ඇති මෙම නව ගොඩනැගිල්ලේ විවෘත කෙරුනු මේ නව මිනී කොප් සිටි අලෙවි සලෙන් පෙරට වඩා වැඩි පහසුකම් සහිතව බඩු භාණ්ඩ මිලදී ගන්නට පැමිණෙන පාරිභෝගිකයන් හට මනා කාර්යක්ෂමතාවයෙන් යුත් අලෙවි සේවාවක්  සැලසිය හැකි බව මීගමුව විවිධ සේවා සමුපාකාර සමිතියේ සාමාන්‍යාධිකාරී මංජුල ප්‍රදීප් මහතා පැවසීය.

ලුවිස් පෙදෙසේ, මෙම නව මිණි කොප් සිටි අලෙවි සල විවෘත කිරීමේ අවස්ථාවට  එක් වූ වැල්ලවීදිය, සාන්ත සෙබස්තියන්  දේවස්ථානයේ මීසම් පාලක ගයාන් ප්‍රසන්ත පියතුමා එම අවස්ථාවේදී ආගමික වතාවත් සිදු කරන ලදී. එලෙසම සීමාසහිත මීගමුව නව විවිධ සේවා සමපකාර සමිතියේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා සහ එහි සාමාන්‍යාධිකාරී මංජුල ප්‍රදීප් මහතා ඇතුළු එහි නිලධාරි මහත්ම මහත්මාවින් පිරිසක්ද විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වුහ. එලෙසම කුඩාපාඩුව  ලුවිස් ⁣පෙදෙසේ ප්‍රදේශවාසීහු පිරිසක්ද මෙම මෙම අවස්ථාවට එක් වූහ..

තත්ත්වයෙන් උසස්,හොඳම බඩු, අඩු මිලට සිය පාරිභෝගික ජනතාව වෙත සැපයීමේ පරමාර්ථය පෙරදැරි කරගෙන ආරම්භ වූ කොප් සිටි සංකල්පයට අනුව ආරම්භ වු තවත් මිනි කොප් සිටි අලවිසල් 04 ක් මේ වන විට මීගමුව ප්‍රදේශයේ විවෘතව පවතී. මේ අනුව අලුත්කූරුව, තලාහෙන, කුරුණ දුම්රිය පල අසල සහ මීගමුව පන්සල පාරේ  අනෙකුත් මිනි කොප් සිටි අලවිසල් විවෘතව පවතී.

මෙම අවස්ථාවට සහභාගි වූ  සීමාසහිත මීගමුව නව විවිධ සේවා සමූපාකාර සමිතියේ  සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා පැවසුවේ කුඩාපාඩුව, ලුවිස් පෙදෙසේ අභිනවයෙන් විවෘත කෙරුණු මෙම නව මිනි කොප් සිටි අලෙවිසැල  ස්ථාපිතව ඇති ගොඩනැගිල්ලේ සමුපාකාර ග්‍රාමීය බැංකු ශාඛාවත් ඉතා නුදුරේම විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි.