”කුඩුකාරයින්ගේ ගංජාකාරයින්ගේ තෝතැන්නක් වුන පුංචි රෝමය ගොඩනගන්න එකතුවෙන්න ”- වැඩබලන පොලිස්පති මිගමුවේදී කියයි

0
483

 

ප්‍රජා පොලිස් කමිටු සාමජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (27) සවස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වැඩබලන පොලිස්පති දේශබන්දුතෙන්නකෝන් මහතාගේ  සහභාගීත්වයෙන් මිගමුවේ ඇවෙන්රා උත්සව ශාලාවේදි පැවැත්වුණි.  ෙ මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය ලේකම් වියානි ගුණතිලක මහතා ඇතුලු උසස් පොලිස් නිලධාරීන් රැසක් සහභාගී වූහ. මීගමුව  ප්‍රජා පොලිස් කමිටු වල සාමාජිකයින් ආගමික නායකයින් මෙන්ම මාධ්‍යෙව්දීන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙහිදි අදහස් දැක්වූ වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියේ ව්‍යාපාරයක් ලෙස මත්කුඩු,ගංජා ව්‍යාපාර වල යෙදෙන කිසිවෙකුටත් මෙම මෙහෙයුමේදී  ගැලවීමට නොහැකි වන අකාරයට පොලිසිය කටයුතු කරන අතර ඒ සදහා පුරවැසියන් ලෙස ප්‍රජා කමිටු සාමාජකයින්ගේ නොමද සහය ලබාදෙන ලෙසයි. මිගමුවේ සංස්කාතික පරිසරය තේරුම්ගත් දක්ෂ, සහ අවංක උසස් පොලිස් නිලධාරින් රැසක් මීගමුව තුළ සේවය කරන අතර ඔවුන් මිගුමුව තුළ ඉිදිරියේදි  නිර්භීතව කටයුකු කරනු ඇති බවත් අවධාරණය කරන ලදි. පෙබරවාරි මාසය අවසානය වනවිට ඉලක්ක කරගත් ඉතිරි කුඩු බෙදාහරින්නන්ගේ ලයිස්තුවත් අවසන් කරන බවත් අවධාරණය කරන ලදි. එමෙන්ම නීතිය මගින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ පවුල් වල සාමාජිකයින්ද ඉන්පසු මෙම නීති විරෝධී  ව්‍යාපාරය ඉදිරයට ගෙනයන අතර ඔවුන් සම්බන්ධයෙන් බුද්ධි අංශ මෙහෙයුම් නොනවත්වා සිදුවන බවද වැඩබලන පොලිස්පතිවරයා ප්‍රකාශ කරන ලදි.