කුඩු චෝදනා ඇති මීගමුවේ දේශපාලකයන් ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න ! කාර්දිනල් හිමිට අභියෝගයක් !

0
44

කාර්දිනල් තුමා ට පැහැදිලි අභියෝගයක් දැන් එල්ලවි තිබේ.එනම් මිගමුව මත්කුඩු වලින් බේරා ගන්නට නම් දැනට ඒ ගැන ප්‍රසිද්ධියේ චෝදනාවට ලක්ව සිටින දේශපාලන පවුලක් ගැන අනිවාර්යෙන්ම පෙබරවාරි 25 වෙනිදා රැළියේදි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරිම පිළිබදවය.
දැනට මීගමුව තුල මත්කුඩු සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇත්තේ  එකම දේශපාලන පවුලකි.එය මිගමුව පමණක් නොව අද මුළු රටම දනි.
ඔවුන් මේ වන විට සිය කළු සල්ලි ජාවාරම් වලින් උපයා ගත් ප්‍රකෝටි ගණන් මුදල් වැය කරමින් මන්ත්‍රිවරුන් මිළට ගෙන නගර සභාවේ පාලන බලය ඇල්ලිමට අර අදිමින් සිටිති.
දැන් මේ රැළිය මීගමුවේ අළුත් නගර සභාව ආරම්භ කිරිමට කලින් පැවැත්වෙන නිසා කාර්දිනල් තුමන් විසින් මීගමුවේ ජනයා ඉදිරියේ මේ ප්‍රසිද්ධ ප්‍රකාශය අනිවාර්යෙන්ම කළ යුතුව තිබේ.
එසේ නොකරන්නේ නම් මෙම රැළියේ අරමුණ කුමුක්දැයි කිසිවෙකුටත් පැහැදිලි නොවුන ඇත.මේ  පිලිබදව අද මිගමුවේ ජනයා පමණක් නොව රටම බලාසිටි.