කුඩු ජාවාරමුන්‌ට එරෙහි විරෝධතාවය නැවැත්තුවේ කාගේ බලපෑමටද ?

0
111

පසුගිය 26 වනදා පෙරියමුල්ල රහුමානාබාත් ප්‍රදේශයේ තරුණයෙකු පෝරුතොට තක්කියා පාර ප්‍රදේශයේ නිවසකදි සියතින් ගෙල කපා ගෙන මිය ගොස් තිබුණි.ඔහු අයිස් නම් වු මත්ද්‍රව්‍යයට දැඩිව ඇබ්බැහිව සිටි අයෙකු බවද පැවසේ .

මෙම අවාසනාවන්ත මරණයෙන් කම්පාවට පත්වු පෙරියමුල්ල ප්‍රදේශයේ තරුණයන් පිරිසක්ද එක්ව අද දවල් මුස්ලිම් දේව මෙහෙයෙන් පසුව උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුනේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිවය.
කෙසේ වෙතත් හදිස්සියේම මෙම විරෝධතාවය අද නොපවත්වන බව දැනගන්නට ලැබුණි.
කුඩු ජාවාරම්කරුවන් මර්ධනය කිරිමට පොලිසියද අසමත්ව ඇතැයිප්‍රදේශයේ ජනයා චෝදනා කරති.

මෙහි සංවිධායකයන් කියා තිබුනේ පොලිස් අධිකාරි කාර්යාලයෙන් මෙම උද්ඝෝෂණය කල් දමන් ලෙස ඉල්ලා සිටි බවය.
මෙයට අමතරව ඇතැමුන් කියා සිටින්නේ මිගමුවට සම්බන්ධ ප්‍රබල දේශපාලකයෙකුගේ බලපෑමද මෙම විරෝධතාවය අවලංගු කිරිමට බලපා ඇතැයි සැකයක් පවතින බවය.
මෙම විරෝධතාවය සංවිධානය කළ ප්‍රධාන පුද්ගලයා පසුගිය පළාත් පාලන මැතිවරණයට තරඟ කල අයෙකු බවද පැවසේ.