කුඩු මර්ධනයට කාර්නල් හිමිට සහය දෙන බව කී එජාපේ අද කෝ ?

0
68

මීගමුවේ මත්කුඩු ජාවාරමට තිත තැබිම සදහා සාමුහික මැදිහත්විමක අවස්ථාව කාර්දිනල් හිමි අවධාරණය කර සිටියේ මීගමුව ජයගත් එජාප අපේක්ෂකයන් හා පැවැති විශේෂ හමුවකදිය.
ඒ් 2018 වසරේ මාර්තු මාසයේ පැවැති හමුවකදිය.
මෙම හමුව අගරදගුරු මැදුරේදි පැවැත්විණි.
මීගමුවේ පැවැති රැළියට පෙර මීගමුව ජයගත් සියළු අපේක්ෂකයන් විසින් අත්සන් කරමින් විශේෂ ලිපියක්ද කාර්දිනල් හිමි වෙත යොමුකර තිබුනේ මීගමුවේ මත්කුඩු මාෆියාව සදහටම නිමා කිරිමට නම් රැළි වලින් හෝ පෙළපාලි වලින්ම පමණක් නොහැකි බවත් පුළුල් වැඩපිළිවෙලක් අවැසි බවත් සදහන් කරමිණි.
ඒ සදහා සම්පුර්ණ සහය දිමටද මීගමුවේ සියලුම එජාප නාගරික මන්ත්‍රිවරුන් කැපවෙන බවද අවධාරණය කර තිබුණි.
වැල්ලවිදිය ජයගත් සජිත් මෝගන් කාර්දිනල් හිමි ඇතුළු සිය සගයන් හා එක්ව සෙල්ෆි ජායාරුපක්ද අරගත්තේය.
කාර්දිනල් හිමි ඇතුළු ගරු පියවරුන් මීගමුවේ මත්කුඩු මඩින්න ගෙන ඇති සටනට දිගටම කැපවිම සදහා සියළු දෙනාම තින්දු කළ බවද අප කළ විමසිමකට පිළිතුරු අපේක්ෂකයෝ බහුතරයක් ප්‍රකාශ කර සිටියහ.
මත් ජාවාරමට එරෙහිව එදා කාදිනල් හිමිට දුන් පොරෝන්දු වෙනුවෙන් මිගමුවෙ එජාප මන්ත්‍රිවරුන් කළ කිසිදු ක්‍රියාකාරකම් ගැන ඉන්පසුව වාර්තා වි තිබුනේ නැත.
ඒ් වෙනුවට සිදුව තිබුනේ මිගමුව පාලනය කරන කලු සල්ලි පාලකයන්ගේ කරේ අත දාගෙන කොන්ත්‍රාත් ගැනිමට වැඩියෙන් ම මහන්සි විම පමණි
කුඩු මඩිනවා තබා මහජන බදු මුදල් කාබාසිනියා කරන ලංසා පවුල් පාලනයට එරෙහිව ඇත්ත කථාකරන්නට සිටින්නේ එජාපෙන් පත්වු මන්ත්‍රින් 19 දෙනාගෙන් 6 දෙනෙකු පමණි.,
අනික් අය ලංසා පවුලේ කලු සල්ලි ආර්ථිකය රකිමින් ඒ අයට සහය දෙති.

This image has an empty alt attribute; its file name is FB_IMG_1519838268942-1024x768-1.jpg