කුඩු විකුණන පොලිස්කාරයන්ව අල්ලල දෙන්න කියල මහජන සහය පතන තත්වයට අද රට වැටිලා ?

0
79

DSCF6276

 

අද රටේ තියෙන මත්කුඩු ගැන මත්කුඩු ඇල්ලීම ගැන නාකොටික්ස්   එකේ නිලධාරීන් මත්කුඩු ව්‍යාපාරයේ නිරතවීම ගැන මීගමුවේ මාධ්‍යෙව්දීන්  මට මාධ්‍ය සාකච්ඡාවක් කරන්ඩ කියලා කිව්වා. ඒක අරඹයා තමයි අද මාධ්‍ය සාකච්ඡාව කරන්නේ.
ඇත්තෙන්ම මේක අහන් ඉන්න ලංකාවේ ජනතාවට මම බොහොම අවංකවම , පැහැදිලිවම මේ ප්‍රකාශය කරනවා.මෙවැනි තත්ත්වයක් ලංකා ඉතිහාසයේ කවදාවත්ම වුණේ නෑ, ඒක අතිශෝක්තියකින් කියන කතාවක් නෙමේ.
අපි මෙතෙක් කල් දැනන් හිටියේ යම් කිසි කෙනෙක් අගතියටපත්වූ පාර්ශවයක් පොලීසියට යනවා අපිට කරදරයක් වුණා, අපිට ඒ හොරාව අල්ලාදෙන්ඩජකියලා පොලීසියට ගිහින් කියන තත්ත්වයක් තමා ලංකාවේ තිබුණේ.
අද පොලීසිය විසින් මහජනතාවගෙන් ඉල්ලනවා පොලිස්කාරයෙක් කුඩු විකුණලා අහුවෙලා එයාව අල්ල ගන්ඩ මහජන සහය පතනවා පොලීසිය.පොලීසිය මහජන සහය පතනවා පොලීසියේ මහත්තයෙක් කුඩු විකුණලා අහුවෙලා.
මේ අල්ලගෙන තියෙන නාකොටික්ස් එකේ 16 දෙනා ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය  නාශක අංශයේ තෝරු මෝරු නොවෙයි. මේ අය හාල්මැස්සේ. මේ අය මේ ව්‍යාපාරයේ ඉතාම සුළු භූමිකාවල් කරන කට්ටිය කියන එක මම පැහැදිලිව කියනවා.අන්තීම ඕ.අයි.සී මහත්තයා කඩයක් ලග අඩ අඩ ඉද්දී අහුවුණේ.
එතකොට මේකේ මහ මොළකරු කවුද ?

මම මෙහමෙ කියන්නම්කෝ , ගෞතම බුදුන්වහන්සේ දේශනා කරලා තියෙනවා රජ අධාර්මික වුනාම ඇමති මණ්ඩලය අධාර්මික වෙනවා , ඇමති මණ්ඩලය අධාර්මික වුනාම නිලමෙලා අධාර්මික වෙනවා.
නිලමෙලා අධාර්මික වුණාම රට වැසියෝ අධාර්මික වෙනවා.
අද ඒකයි වෙලාතියෙන්නේ.
අද ඒ  බෞද්ධ දර්ශනයේ ඒ කතාවම මේ යුගයට පෙරළුවොත්  කුඩු කාරයෝ රජ වුණාම ,
රාජ්‍ය කරන අය කුඩු කාරයෝ වුණාම , ඇමති මණ්ඩලය කුඩුකාරයෝ වෙනවා,ඇමති මණ්ඩලය කුඩුකාරයෝ වුණාම නිලමෙලා කුඩුකාරයෝ වෙනවා. නිලමෙලා කුඩුකාරයෝ වුණාම නාකොටික්ස එක කුඩුකාරයෝ වෙනවා, ජේලර් මහත්තුරු කුඩු කාරයෝ වෙනවා. අද උසාවියේ නඩු භාන්ඩ , ඒ නඩු භාන්ඩ ආයේ කුඩුකාරයින්ට විකුණලා ඒ කුඩුකාරයින්ට විකුණපු එකට ඔත්තුව දීලා ඒ ඔත්තුව දුන්න එකට රිවෝඩ් අරගෙන. ඒ කියන්නේ කුඩු අල්ලනවා , අල්ලලා කුඩු ටික ගිහිල්ලා විකුණනවා කුඩු කාරයින්ට. විකුණලා ආයේ ඔත්තුව දෙනවා ,ආයේ ඔත්තුව දීලා ඒකෙන් එන තෑගි මුදලත් ලබාගන්න තත්ත්වයක් තියෙන්නේ.

මෙවැනි විකාරරෑපී රටක් තිබුණේ නෑ ඉතිහාසේ. අපි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිනවා , එතුමාගේ අතීතේ වැරදි ගොඩාක් වුණා. අපි ඒවා අමතක කරමුකෝ, අපි හිතමු චන්ඩාශෝක ධර්මාශෝක වුණා කියලා අපි හිතමුකෝ. එතුමාගේ කාලේ එතුමා කුඩු  විකුණපු මන්ත්‍රී කෙනෙක්ට අධික්ෂන මන්ත්‍රිකමක් දුන්නා ආරක්ෂක අමාත්‍යාංශයේ.
ඒකෙන් ලොකූ විනාශයක් වුණා.
අතිගරු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහත්තයට කුඩුකාරයෝ අල්ලන්නට සැබෑ උවමනාවක් හදවතේ තියෙනවා නම් අපි අමතක කරමු ලංකාවේ ඉන්න ලොකුම කුඩු කාරයා මුජාගේ ,සෙල්වම් කියන චිත්‍රපටයේ මුහුරත් එකේ ප්‍රධාන
මුජා කියන්නේ වෝඩ් ප්ලේස් එකේ කිලෝ 40 ක කුඩු අල්ලලා අද ජීවිතාන්තය දක්වා හිරගෙදර ඉන්නවා ඔහු සහ ඔහුගේ බිරිද. ඔහුගේ තිබුණු සම්බන්ධතා අපි  අමතක කරමුකෝ, ඒ සියල්ල අමතක කරලා, මුජා කියන්නේ මැලේසියාවේ හිටිය ලොකුම කුඩු කාරයා , ටටා,ලැම්බෝගිනි,ඇස්ටන් මාටින් සේරම අපි අමතක කරමුකෝ.ඒ ඉතිහාසේනේ. හැමදාම ඒ ඉතිහාසේ හෝද හෝද මඩේ දාන්න ඕනා නැනේ අපි
අපි හිතමුකෝ දැන්වත් ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ කුඩුකාරයෝ අල්ලන්ඩ සැබෑ උවමනාවක් තියෙනවා කියලා. අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයට එහෙම වුවමනාවක් තියෙයි කියලා අපි විහ්වාස කරන්නෑ.

මොකද අපි දන්නවා පහුගිය යුගයේදී මෙවැනි කුඩුකාරයෙක් මේ පළාතෙම අහුවුණ වෙලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා චොපර් එකකින් ආවා මීගමුවට.ඇවිල්ලා ඒ කුඩු වලට සම්බන්ධ පුද්ගලයාව බදාගෙන දුන්න සංඥාව මොකක්ද ? මේ අපේ කෙනෙක්,
මේ ගෙනාවේ අපිට සම්බන්ධ දේවල් අල්ලන්ඩ එපා උඹලා ඉවත් වෙයල්ලා කියන කතාව නේ කිව්වේ.

අන්තිමෙට ආපා එස්.ටී.එෆ් එකට ,නාකොටික්ස් එකට මොකද වුනේ ,නන්නත්තාර වුණා.
මම හිතනවා නැවත නැවතත් මේ කුඩු වසංගතයට නෑකම් කියන  මේ කුඩු වසංගතයට ආශිර්වාද කරපු , සෙනෙහස , පහසුකාරකම් සපයන්නෙක් විදහට හිටපු රාජපක්ෂ ආණ්ඩුවට සැබෑ උවමානවක් තියෙනවා නම් කුඩු වසංගතය නවත්වන්නට මේකට සෘජුව මැදිහත්වෙන්ඩ කියන ඉල්ලීම තමයි කරන්නේ.

මට මතකයි එස්.බී දිසානායක මහත්තයා වරක් අහලා තිබුණා මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන්  ඇයි සර් අර වගේ මෝඩ වැඩක් කලේ, ඇයි ඔබතුමා මේ කුඩුකාරයෙක්ව අල්ලපු වෙලේ ඇයි ඔබතුමා චොපර් එක් මීගමු ගියේ කියලා එස් .බී අහලා තිබුණා. ඒක වෙබ් මාධ්‍ය වලත් පළවුනා. ඒකට මහින්ද මහත්තයා දිලා තිබුණ පිලිතුර තමයි ‘ එස් බී ,එයා ඒවා මෙහේ විකුණන්නේ නෑනේ එයා පහසුකම් සපයනවා විතරයි, ඕක කරන්නේ මුස්ලිම් ප්‍රජාව. මුස්ලිම් ප්‍රජාව ඕක කරන එකේ අපේ එකෙක් කීයක් හරි හොයාගත්තා නම් මොකද වෙන්නේ ‘‘ කියලා. මේක ඔප්පු කරන්ඩ හඩපටත් තියෙනවා. රාජපක්ෂවරුන්ගේ ඉතිහාසය කියන්නේ ඒ අයට කුඩු ලින්ක්ස්  තිබුණා.කුඩු වලට ආශිර්වාද කළා.උඩින් ගිහින් බේරගත්තා.

මේක පාර්ලිමේන්තුවේ කතාකරලා මට නඩුත් තියෙනවා.
මම පල්ලන්සේනේ සිරකදවුරේ හිටියා හාල් වගයක් බෙදන්ඩ ගිහිල්ලා අහු වෙලා දවස් ගාණක්.ඒ ඉද්දි ඒ දරුවෝ විදින දුක මම දැක්කා. මේක අහස පොලොව නුහුලන අපරාධයක්.චීනේ මේ වගේ දෙයක් කළෝ ඔලුවට වෙඩි තියනවා කෙලින්ම.සිංගප්පූරුවේ මරණ දඩුවම.ඇමරිකාවේ ප්‍රාන්ත 50න් විසි ගාණක මරණ දඩුවම. තව දියුණු බොහෝ රටවල මරණ දඩුවම තියෙද්දී අපේ රටේ පමණක් මේ අයට ප්‍රොෙමා්ෂන් දෙනවා.කුඩු විකුණලා අහුවෙන අයට අධීක්ෂණ මන්ත්‍රිකම් දෙනවා. කුඩු විකුණලා අහුවෙන අයට නාකොටික්ස් එකේ ලොකු තනතුරු දෙනවා. සමහර අය රේඩ් කරන්ඩ යනවා කියලා ගිහිල්ලා තියෙන්නේ වෙන ගණුදෙනු කරගන්ඩ.
ඉතින්  රන්ජන් රාමනායක පහුගිය ටිකේ හඩපට හරාහා කියූ දේවල් අද සත්‍ය වෙලා තියෙනවා.
අපේ හඩ පට නාලිකා වලට වික්කේ කවුද කියන ප්‍රශ්නය අපිට තිබුණා. අද නඩු භාන්ඩ විකුණණවා. අද ලංකා ජයරත්න මහේස්ත්‍රාත්තුමිය බොහෝම පැහැදිිව තියලා තියෙනවා නඩු භාන්ඩ තිබුණ ඒ ගබඩාව ඇරලා අපි බලනවා කියලා.

මේ අවස්ථාවේ පොඩි ස්තූතියක් හරි දෙන්ඩ ඕනා යහපාලන ආණ්ඩුවට. යහපාලන ආණ්ඩුව වෙලාවේ හම්භවුණ කොකේන් 20 ද 30 ද ලංකා ජයරත්න කියන මේ මහේසත්‍රාත්වරිය ඉදිරියේ , ඊට අදාළ අය ගෙනල්ලා ඇස් පනාපිට විනාශ කළා. ඒ විනාශ කරපු ඒ කුඩු,කොකේන් ,අයිස් ,කව්බෝයි,කව් ගර්ල් ඇතුලු මේවා මේ ආණ්ඩුව ආවට පස්සේ කවදාවත් විනාශ කලේ නෑ. අපි දැක්කේ නෑ නඩු බාණ්ඩ විනාශ කරනවා.සමහර උසාවි වල නම් මේවා කොමෝඩ් එකේ දාලා ප්ලස් කළා. ඒ මේ ආන්ඩුව එන්ඩ ඉස්සර වෙලා. නමුත් මේ ආණ්ඩුව ආවට පස්සේ  අපි කවදාවත් දැක්කේ නෑ අහුවුණ කුඩු විනාශ කරනවා. දැන් අපිට හිතාගන්ඩ පුලුවන්  අහුවුණ කුඩු වලට මොකද වුණේ කියලා. අහුුවුණ කුඩු ආයේ කුඩුකාරයන්ට විකුණලා. අපේ රට කුඩු හබ් එකක් බවට පත්වෙලා තියෙනවා.ලොකු අපකීර්තියක්. මේකට රජය සෘජුවම වගකියන්ඩ වෙනවා.  මේ අල්ලගත්තේ හාල්මැස්සෝ ,පොඩි මාලු. මට තියෙන බුද්ධි අශ තොරතුරු අනුව ලොකු දේශපාලන ප්‍රවාහයක් ඉන්නවා මේත පිටිපස්සේ. මාකදුරේ මදුෂ් පවා රෙකෝඩ් කරපු හඩ පටියක් මගින් ,ඔහු කියලා තියෙනවා ලංකාවට කුඩු ගේන මිගමුවේ දේශපාලනඥයෙක් ගැන. ඒ හින්දා මම හිතනවා මේ රජය අගොස්තු 05 වෙනිදා වෙනකම් කවදාවත් හෙලිකරන්නේ නෑ කියලා. මම බෙහෝම විශ්වාසයකින් කියනවා මේ රජයේ ඉතිහාසෙත් එක්ක. මේ අය කවාදාවත් ඒක හෙළිකරන්නෑ. බොරුවට ඔය නාකොටික්ස් එකේ පොඩි පොඩි මාලු ටික අල්ලලා මේ තිකේ මාධ්‍ය සංදර්ශනය ගෙනියයි. නමුත් කුඩු චාවාරමේ සැබෑ මහ මොළකරුව අල්ලන්නේ නෑ කියන එක තමයි මගේ මතය. ඒ නිසා මම ආණ්ඩුවට අභියෝග කරනවා මෙහි පිටුපස සිටින දේශපාලනඥාව ඉදිරිපත්කරන්ඩ.
ඔහු මේ ඡන්දයේ අපේක්ෂකයෙක් නම් ඔහුගේ අපේක්ෂකධූරය අහෝසි කරන්ඩ කියලා මම ඉල්ලීමක් කරනවා. මැතිවරණ  කොමසාරිස්තුමාගෙන්. මොකද මේක මහා
විනාශයක්. ඔහු නැවත අවුරුදු 05කට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවට පත්වුණොත්ඔහුට විශාල  සිවිල් බලයක් සමග ආරක්ෂාවක් එනවා තමන්ගේ ව්‍යාපාරය කරගෙන මේ අහිංසක අපේ ළමා පරපුර , තරුණින්ව විනාශ කරනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා ඔහුගේ මේ අපේක්ෂකත්වය අහිමිකරන්ඩ කියලා. ඒ නිසා මම දන්නවා හොදටම මේ කුඩු ගේන්නේ කවුද කියලා. දැන් මේවා කියලා මම නඩු 36ක් දාගෙන තියෙනවා. හැමදාම නඩු, කන්සල්ටේෂන් ලෝයර්ස්ලා එක්ක.

මාධ්‍ය හමු වලට නෙමේ මාව කොමිසමකට කැදෙව්වොත් මම කෙලින්ම දෙන්නම් ඒ තොරතුරු.