කුණු අවුල දිගටම-නගරය ආරාජිකයි-ජනයා තැන තැන කුණු පුළුස්සති.

0
57

kunu 1kunu 2දින 5 ක්  තිස්සේ මීගමුව නගර තුල කණු කසල බැහැර කිරිම මුළුමනින්ම ඇන හිට ඇත.ඒ කුණු බැහැර කරනු ලබන ස්ථානයේ ජනයා එහි තවදුරටත් කුණු බෑමට දැඩි සේ විරෝධය පළකිරිමත් ඒ හඩට එක්තරා ප්‍රමාණයකට අධිකරණය පවා සංවේදි විමත් නිසාය.
මීගමුව මහනගර සභාව අද දිනයේ යළිත් වරක් අධිකරණයේ සහනයක් පැතිමට කටයුුතු කරන්නට සිටියද දැනට කුණු බැහැර කරන ඉඩමේ මායම් පිලිබදව මතුව ඇති ගැටළුවක් මුලකරගෙන එය හෙට දිනයකට කල් ගොස් ඇත.
දැන් මුළුමනින්ම නගරය ආරාජික වෙමින් තිබේ. අප කළ විමසුමකට පිළිතුරු දුන් මහජන සෞඛ්‍ය පරික්ෂක මහතෙකු පවසා සිටියේ  දිනකට කුණු කසල ටොන් 80 ක ප්‍රමාණයක් කොච්චිකඩේ පිහිටි කුණු වලට බැහැර කරනු ලබන බවත් ඒ අනුව ගෙවුණ දින 5 තුල කුණු ටොන් 300 ක් මේ මොහොත වන විට නගරය පුරා පල්වෙමින් විසිරි ඇති බවත්ය
කිනම් මොහොතක හෝ වැස්සක් කඩාහැලුන හොත් නගරය තුල බරපතල සෞඛ්‍ය අර්බුදයක් ඇතිවිම නොවැලැක්විය බවද ඔහු පවසා සිටියේය.
මේ අතර සංචාරක කලාපයේ ඇතැම් හෝටල් හිමියන් තම හෝටල් තුල එකුරැස්වෙමින් ඇති කුණු කසල බැහැර කරගැනිමට කිසිදු විකල්ප ක්‍රියාමාර්ගයක් නොමැති තත්වයක් තුල මහත් අර්බුදයකට ගමන් කරමින් සිටින බවද පැවසේ.
මේ අතර නගරයේ ජනයා තැන තැන කුණු පුුළුස්සන්ටද පටන්ගෙන ඇත.
පවතින තත්වය හමුවේ මීගමුවට ස්ථිරසාර විධිමත් දිගුකාලින කුණු කසල බැහැර කිරිමේ වැඩපිලිවෙලක් නිර්මාණය කළ යුතුව .තිබේ.
මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අත්දැකිම් ලැබිම සදහා බදුගෙවන ජනයාගේ මුදලින් පිටරට ගිය මන්ත්‍රිවරුන් රොත්තක්ද මේ සභාවේ ඇත.
ඒ සියළු දෙනාම අද ගල උඩ කැත කළ බළලුන් සේය.