කුණු කතා අස්සේ පණු කතා

0
112

ඊයේ (10) වනදා පැවති මීගමුව මහ නගර සභා රැස්වීමේදී නගරයේ ඇතිවී ඇති කුණු කසල බැහැර කිරීමේ ගැටළුව ගැන පැවති සංවාදයේදී නගරධිපතිවරයා විසින්  මෙම කුණු ප්‍රශ්නයේ ඇති දේශපාලනය පිළිඳව ද අදහස් දැක්වීය.
එහිදී ඔහු කියා සිටියේ    පෙර පැවති පාලන කාල වලදී මෙම කුණු දැමීම පිළිබදව ඉවසා සිටි සමහර පුද්ගලයන් හදිසියේ මෙවැනි විරෝධතාවයක් මතුකිරීම පිළිබදව සැකයක් හා කුතුහලයක් තිබෙන බවයි.
ඔහුගේ ප්‍රකාශ වලින් හැගවුණේ මෙම ඔවිටියාවත්තේ කුණු දැමීමට මහජනතාව සිදුකරන විරෝධය හදිසිියේම අධිකරණ ක්‍රියාමාර්ඝ දක්වා පැමිණීම පිටුපස නගරාධිපතිවරයාට එරෙහි දේශපාලන පලිගැනීමක් ද තිබෙන බවයි.
තවදුරටත් ඔහු පවසා සිටියේ කෙසේ වුවත් මෙම කුණු ප්‍රශ්නයට ස්ථීර විසදුමක් සොයන්නට උත්සාහා දරන බවයි.
එමෙන්ම ඔහුගේ වචන වලින් පවසනවා නම්
”  විපක්ෂය ගැන මට ප්‍රශ්නයක් නැහැ.මේ කුණු ගැටලුව ගැන සමහර පනුවෝ කියලා තිබුනා ජයවීරට තියෙන්නේත් කුණු ටිකක් ඒකත් ඇඳගන්න බැහැ කියලා.හැබැයි ඒ පනුවෝ මේ නගරය කාලා තියෙන්නේ.තමුන්වහන්සේලාගේ ආණ්ඩුව තුල ( විපක්ශය දෙස බලා ) ඒවට නිසි උත්තර දෙයි.එදාට මේ පනුවත් එක්තරා සාක්ෂිකාරයෙක් වෙයි.මම තවත් ඒ පනුවොත් එක්ක සාකච්ඡා කරන්න සුදානම් නැහැ. මේකත් එක්ක මට ප්‍රශ්ණ දෙකක් ආවා.මේක මම දකින්නේ දේශපාලන මුහුනුවරක්.දේශපාලන මුහුනුවරක් ගත්තේ මාව අපහසුතාවයකට පත් කරන්න.ඒගොල්ලන්ගේ දැවිච්ච ප්‍රශ්ණයක් මගේ කරපිට ආවා.පනුවෝ කරපු ප්‍රශ්ණ නිසා මම විදවනවා.අනිත් ප්‍රශ්නය තමා මට චොදනා ආවා පිටිපන අනවසර ඉදිකිරීමක් කැඩුවා කියලා.එතකොට මුලු ගමම මට විරුද්දව පෙළපාලි ගියා.ඒත් මෙක කැඩුවේ මම නෙමේ ඒකට නියෝග දුන්නේ හිටපු නගරාධිපති තුමා.ඒවා  නිවැරදි කරන්න අපේ සමහර පනුවො ගිහින් මම ගැන කේලම් කිව්වා.”2014-02-04-can-of-worms-350