කුණු නිසා අහන්නට වෙන කුණු කතා

0
229

අද මීගමුව නගරසභාවේ මහ සභා රැස්වීම පැවැත්වූ අතර එහිදී ප්‍රධාන ලෙස අවධානයට ගැණුනේ මීගමුව මහ නගර සභා බලප්‍රදේශයේ මතුවී ඇති කුණු කසල බැහැර කිරීම පිළිබද ප්‍රශ්නයයි.  මෙම  ගැටළුව සාකච්ඡා වන අතරවාරයේ  මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් 14 දෙනෙකු කුණු කසල කළමණාකරනය වෙනුවෙන්  මැලේසියාවේ කරන ලද සංචාරය ගැන ද යම් කතාබහවල්  සිදුවී ඇත. මෙහිදී  විසදුම් වලට අමතරව කතාවී ඇත්තේ කසල කළමණාකරණය ගැන හැදෑරීමට ගිය වැඩසටහනේ නියම ප්‍රයෝජනයක් මීගමුව නගරය වෙත ලබාගැනීම නිසි පරිදි සිදු නොවූ බවයි. එම සංචාරයෙන් පසු ඒ  ඔවුන් දැනුවත් වූ දේ ගැන පසු විපරම් කිරීමේ හෝ අන්අය දැනුවත්කිරීමේ හෝ සාකච්ඡාවක් සිදුනොවීම පිළිබදව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හා මන්ත්‍රීවරියකගෙන් චෝදනා එල්ල වී තිබුණි.
(කසල  කළමණාකාරන ගැන හැදෑරීමට  2014 වසරේ අගෝස්තු මාසයේදී මීගමුව නගර සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ නිලධාරීන් 4 දෙනෙකු මැලේසියාවේ  පුහුණු.  වැඩසටහනකට සහභාගී වූහ. )

මෙ අතර මෙම ප්‍රශ්නය ගැන සාකච්ඡා වන අතරවාරයේදී ආන්ඩු පක්ෂ මන්ත්‍රි කපිල නන්දලෝචන මන්ත්‍රීවරයා විසින් ජනතාව   කුණු කසල දැමීමේ කිිසිදු පිළිවෙලක් නැති බව  ගැනද යම් විරෝධයක් සිදුකර තිබේ. ඔහු එහිදී   කාන්තාවන්ගේ සනීපාරක්ෂාව සදහා පාවිච්චි කරන ද්‍රව්‍ය පවා කුණු වල ඇති බව  ද සදහන් කර ඇත. මෙහිදී මෙම ප්‍රකාශයට  මන්ත්‍රිනී රැමෝනා ලාන්සාගේ විරෝධය මතුවී ඇති අතර යම් උණුසම් වචන හුවමාරුවකින් පසු  කපිල මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය නැවත සශෝධනය වී තිබුණි.

සබැදි ලිපි

කසල කළමණාකරනයේ වැඩකාරයෝ මැලේසියා සංචාරයෙන් හැලෙයි…