කටාන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කසල බැහැර කිරිමට ස්ථීර ස්ථානයක් නොමැති වීම නිසා මේ වන විට ගැටළු රාශියක් ඇති වී තිබේ. එකතු වන කසල කටානේ ජම්බුගස්මුල්ලේ සහ දුරියන් ගස් හංදියේ අතහැර දැමු විශාල මැටි වලවල් 02 කට බැහැර කිරීමට පියවර ගෙන තිබිණි.
එම මැටි වලවල් 02 ට කසල දැමීමට එරෙහිව ඒ ආශ්‍රිතව වෙසෙන ජනයාගෙන් විරෝධයක් නැගුණු අතර එම විරෝධතාවන් හමුවේ කටානේ කසල බැහැර කිරීමට පසුව අමන්දොළු ප්‍රදේශයේ අතහැර දැමු අක්කර 12 ක පමන පුරන් කුඹුරක් යෝජනා විය.මෙම කුඹුරල අද වන විට වගුරුබිමකි. එහෙත් කටානේ කසල තම බල ප්‍රදේශයට අයත් අමන්දොළුව ප්‍රදේශයේ බැහැර කරනවාට සීදුව-කටුනායක නගර සභාව සිය දැඩි විරුදධත්වය ප්‍රකාශ කර තිබිණි.
කටාන ප්‍රාදේශීය සභාව සහ සීදුව-කටුනායක නගර සභාව යනු කටාන මැතිවරණ කොටිඨාශයට අයත් පලාත් පාලන ආයතනයන්යග කසල ප්‍රශ්ණය නිසා මෙම ආයතන දෙක අතර මත ගැටුමක් ද නිර්මාණය විය ග පසුව කටාන ප්‍රදේශීය සභාවට සීදුවල මුතුවාඩිය ප්‍රදේශයේ අත්හැර දමන ලද අක්කර තුන හමාරක පමන වන කුඹුරක් ලබා දී තිබේග කුඹුරු ගොඩ කිරිමේ නීත්‍යානුකූල ගැටළු කිහිපයක් මත එම කාර්්‍යයන් මේ වන විට ඇන හිට තිබේ. කසල බැහැර කරන්නට නිසි ස්ථානයක් නොමැති නිසා කටාන ප්‍රාදේශීය සභාව විසින් පසුගිය කාලයේදී කසල එකතු කිරීම තාවකාලිකව නවතා දමා ද තිබීනිග ඒ අනුව පසුගිය දිනවල කටානේ සමහර ප්‍රදේශ වල විශාල කසල ප්‍රමානයක් එකතු වී තිබූ බවද වාර්තා වුණිග මෙම කසල ප්‍රශ්ණයට නිසි ස්ථීර විසදුමක් සොයන්නට පසුගිය ඔක්තෝබර් 30 වැනි දින කටාන ප්‍රාදේශීය සභාවේ දී විශේෂ මහා සභා රැස්වීමක් ද පැවැත්විය.
එහිදී අවසන් ලෙස තීරණය වුයේ දැනට යෝජිත වී ඇති මුතුවාඩියේ අක්කර තුනහමාරේ කුඹුර ලබා ගැනීමට නොහැකි වුවහොත් කටාන ප්‍රදේශිය සභා කාර්්‍යාලය ඉදිරිපිට සභාවේ ආන්ඩු පක්ෂ සහ විපක්ෂ සියළු මංත්‍රිරවරු එක්ව උපවාසයක නිරත වන බවයිග මේ පිලිබදව විමසු අවස්ථාවේ කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති ලීලානන්ද ද සිල්වා මහතා පවසන්නේ පලාත් ප්‍රධාන අමාත්‍යවරයා එම කුඹුර ඉතා ඉක්මනින් නීත්‍යානූකූලව මෙම කාර්්‍ය සදහා වෙන් කර දීමට පොරොන්දු වූ බවත්ල ඒ නිසා උපවාස කිරීමට අවශ්‍යතාවයක් ඇති නොවන බවයි.
නියම අඩවියක්නේ…..
එන්න සමකය වටේ රවුමක් යන්න