කුණු නිසා මීගමුව නගරය බරපතල අර්බුදයක..??

0
43
23දින කිහිපයක සිට මීගමුවේ ඇතිවී තිබෙන කුණු ගැටලුවට නිසි පිළිතුරක් ලබාදීමට මීගමුව නගර සභාව අපොහොසත්වීම නිසා නගරය තුල බරපතල තත්වයක් මතුවෙමින් තිබේ.
විශේෂයෙන්ම රෝහලේ දැන් දින ගණනක් තිස්සේ එකතුවෙමින් ඇති කුණු ගොඩවල් නිසා  කඩිනමින් විෂබිජ බැතිර යාමේ අවධානමක්ද මතුව ඇතැයි පැවසේ
.කොච්චිකඩේ ඔවිටියාවත්ත කුණු කසල බැහැර කෙරෙන ප්‍රදේශය අවට ජනයා විසින් කාලයක් තිස්සේ මතු කල මෙම ගැටලුව බරපතල අවධානයකට යොමුනොකළ දේශපාලකයන් විසින් දැන් මුළු නගරයම අර්බුදයකට යවා ඇත.
අද උදෑසන මීගමුව මහනගර සභාව වෙත පැමිණි මීගමුවේ සංචාරක කලාපයේ හෝටල් හිමියන් මතුකර ඇත්තේ මේ කුණු ප්‍රශ්ණය නිසා මේ වන විට මීගමුවේ සංචාරක කර්මාන්තයටද මරු පහරක් එල්ලවෙමින් ඇති බවය. මේ ප්‍රශ්නය දැන් අධිකරණය වෙතද ගොස් අවසන්ය.
එහිදී අධිකරණය විසින් දන්වා තිබුණේ පාපතුමන් මීගමුවට එන දිනය තෙක් පමණක් කුණු දැමිමට අවසර දිය හැකි බව යැයි ඔවියාවත්ත ප්‍රදේශයේ ජනයා පවසති.
පසුගිය නත්තල් දින සිට එක තැන පල් වෙන කුණු ගොඩවල් දැනටමත් මීගමුව නගරය පුරා දක්නට ලැබේ.අධිකරණ නියෝග පරිදි 16 පසු ඔවිටියාවත්ත ප්‍රදේශයට කුණු බැහැර කිරීම නවත්වන ලදි.මේ වන විට නගර සභාව විසින් ජනතාවට දැනුම් දී ඇත්තේ මෙතෙක් එකතු වී ඇති කුණු පුලුස්සා දමන ලෙසය.