කුණු ප්‍රතිචක්‍රීකරණය ගැන ඉගෙන ගන්ඩ මැලේසියා ගිය නා.මන්ත්‍රීන්ට නොපෙනන වෙරළේ කුණු කන්ද ?

0
93

beach5 සැප්තැම්බර් 28 වනදා මීගමුව පළඟතුරේ වෙරළේදී ශ්‍රමදානයක් මගින්  මුහුදු වෙරළේ ගොඩගසා තිබූ  විශාල කුණු කන්දක් පිරිසිදු කිරීමට ඒ ප්‍රෙද්ශයේ ධීවරයන් විසින් මහත් පරිශ්‍රමයක් දරන ලදී.  ධීවරයන් පවසන්නේ මේ ආකාරයට පළඟතුරේ වෙරළ තීරුවට  ඩෝසර් කරන ලද ගොඩනැගිලි ද්‍රව්‍ය හා වෙනත් අපද්‍ර්‍ය  වාහන වලින් ගෙනවිත් ගොඩගසන බවයි. ධීවරයින් ධීවර රස්සාව කිරීම සඳහා භාවිතා කරන මෙම වෙරළ තීරුව ඉතාම අපවිත්‍රවී තිබීමත් ඒය ඔවුන්ට හිරිහැරයක් නිසාත් සියලු දෙනා එකතු වී මෙලෙස ශ්‍රමදානයක් මගින් මෙය පිරිසිදු කිරීමට තීරණය කර ඇත. ඒ වනතෙක් මීගමුව නගර සභාව හෝ වෙනත් කිසිදු බලධාරියෙකු මෙම කුණු මෙම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර නොමැත.

Photo /Dilshan Chrishshantha