කුණු මාළු සහ මිගමු මාළු ….

0
184

රුපියල් තිස්හතර ලක්‍ෂ දෙදහසක් වටිනා පරිභෝජනයට නුසුදුසු මාළු කිලෝ 5670ක් හලාවත සිට මීගමුව ප්‍රදේශයට රැගෙන යමින් තිබියදී කොච්චිකඩේ පොලිසිය මගින් පෙරේදා (31 දා) අත්අඩංගුවට ගෙන තිබුන බව දැනටමත් මාධ්‍ය විසින් වාර්තා කර ඇත.කෙළවල්ලා හා බල මාළු කිලෝ ග්‍රෑම් 5670ක් රැගත් ෆීසල් වර්ගයේ ලොරි රථය තෝප්පුව පාලම අසලදී අත්අඩංගුවට ගෙන ඇත.

පරිභෝජනයට නුසුදුසු මාළු තොගය සමග ලොරියක් හා රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර  මෙම මාළු කොහේ සිට කොතැනට රැගෙන යමින් තිබුණේද යන්න හෙළිවී නැති අතර ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් කොච්චිකඩේ පොලිසිය විසින් ආරම්භ කර ඇත.

පසුගිය කාලය තුල පැවැති දැඩි මාළු හිගකම තුල පාරිහෝජනයට නුසුදුසු මාළු තොග විශාල වශයෙන් වෙළද පොළට පැමිණ තිබේ.
කරවල නිෂ්පාදනය සදහාද මේ ආකාරයෙන් පාරිභොජනයට නුසුදුසු මාළු තොග පැමිණි බවටද වාර්තාවිය.

රටපුරා ප්‍රසිද්ධියට පත්ව මිගමුවේ ධිවරයන්ට පවා සිය පත්පතට මාළු වෙනුවට සෝයා මිට් නිරන්තරයෙන් පාරිභෝජනයට ගැනිමට සිදුවිම විසින් මාළු නැතිකමේ අර්බුදයේ දිගපළල කදිමට පැහැදිලි වේ .