කුණු වලක් මැද සිරවී සිටින කයිතන්ගේ කථාව

0
548

kaithan 2දින කිහිපයක සිට උද්ගතවී ඇති කුණු කසල බැහැර කිරීමේ ගැටලුව නිසා නැවත වරක්  කොච්චිකඩේ ඔවිටියාවත්ත කුණු වල වෙත ගියෙමි.කුණු වල වටේටම කම්බි ගසා තිබුණු බැවින් කුණු වල වෙත ලගා විමට අසීරු විය. කෙසේ හෝ ටික දුරක් ගෙවා අතුරු පාරකින් කුණු වල වෙත ලං වුයෙමි. සරමක් ඇදගත් වයසක මහතෙකු දුටු මම සිතුවේ නගර සභා සේවකයෙක් හෝ කුණු වලෙහි කුණු එකතු කරන කම්කරුවෙකු කියාය.

ඒ ලගට ලං වූ මා සහ මගෙ මිත්‍රයා ඔහුගෙන් විමසා සිටිෙය්  මේ  දිනවල තිබෙන කුණු ගැටලුව සම්බන්ධවය. ඒවිට ඔහු අප ඇසූ පළමු ප්‍රශ්නය වන ඔයා මෙහෙද කියන? ගැටලුවට උත්තර දී සිටියේ ඔව් මම මෙතන ඉන්නේ  ගොවිපලක් කරගෙන ඉන්නවා.  මේ ගෙදරට යන පාරේ කුණු ඒක අස් කරනවා කියලා අපිට විස්තර කරන් ගියේ මෙම කුණු ගැටලුව නිසා  ඒ මහතා විදින දුක් ගැනවිලි ගැනය.

කයිතන් සිල්වා මහතා කොච්චීකඩේ ඔවිටියාවත්ත කුණු වල ආසන්නයේම පදිංචිව සිටි. අවුරුදු 42 සිට මෙම ඉඩමේ පදිංචිව සිටින මොහුගේ ඉඩම අසල්වැසියා වන්නේ බ්ලුමැන්ඩල් කුණුකන්දට නොදෙවිනි මීගමුවේ එකම කදු යායක් බඳු වූ කුණු කන්දයි. අවුරුදු 20 කට අධික කාලයක් තිස්සේ තම රැකියාව ලෙස ගොවිතැන  කරගෙන ගිය කයිතන් මහතාට මෙම කුණු වල නිසා බොහෝ දුක් බරිත අවස්ථාවලට මුහුන දීමට සිදුවෙයි.  එනම් මෙම කුණු වල නිසා මානසීකව පීඩ්විදි තම දරුව දිවිනසා ගැනීම්, පසුගිය වසරේදි කුණුවලේ සිදු වූ ගිනි ගැනීම නිස තම ගොවිතැන සම්පූර්නයෙන් විනාශයට පත් වීම,තම වගාවට වතුර  දැමීමට ඈත ස්ථානයකට යෑමට සිදු වීම, ඒ වගේම ඉදිරියේදි තම පවුලේ බර කර ගසා සිටින රැකියාවට  තර්ජනයක් වීම හා නිවස අවට තිබෙන ජලය පානයට ගත නොහැකි ආකාරයට දූෂණය වී තිබීම.මෙවැනි ගැටලු වලට තමන් මුහුන දුන් බව කයිතන් මහතා අප කියා සිටියේය.  2006 වසරේදි තමා ගම්පහ දිස්ත්‍රික්කයේ හොදම ගොවියා ලෙස සම්මාන ලැබූ බව අප කියා සිටියේ මහත් ආඩම්බරයෙනි. අහම්බෙන් අපට මුනු ගැසුනු කයිතන් මහතාට තම සහතික පත්‍රය අපට පෙන්වීමට අපොහොසත් වුයේ තම බිරිද එය පරිස්සම් කර අරන් තබා නිසාය.   අප එහි ගිය මොහොතේ තම බිරිද නිවසේහි නොසිටීම නිසා කයිතන් මහතාට අප වෙත තම සහතික පත්‍රය පෙන්වීමට නොහැකිවිය.  තම ජිවිකාව අප හා බෙදාගත් කයිතන් මාහතාගෙන් අප සමුගන්නට පෙර කියා සිටියේ නැවත වරක් මම එන බවටයි. එවිට මා  මීපුර පුවත් පත කී සැනින් මා අත් දෙක අල්ලා මගේ දෙයියෝ මම සොය සොයා සිටියේ පත්තරේ ඊයේත් මම ගිහින්  කොච්චිකඩේ පත්තර තට්ටුවෙන් බැලුවා ඒත් මට හම්බ වුනේ නැහැ අවුරුදූ ගානක් ඉදන් මම ඒක කියවනවා කියා අප ප්‍රශංසා කලේ අප පුවත් පත් කියවන ආදරය කරන පාඨකයෙක් ලෙසිනි. නැවතත් හමුවෙමු යැයි කියා මා ඔහුගෙන් සමුගත්තේමි.

මේ මහතාගේ ජිවිතය දිහා බලන කල යමක් කිව යුතුය  ඒ මෙම කුණු වල නිසා තම ජිවීතය අන්ත අසරණ  බවට පත් වූ මේ මහතා තවමත් හිතේ හයියෙන් ජිවත් වේ.කයිතන් මහතාගේ  දියනිය ලියුකේමියා රෝගය වැලදී මිය යන්නේද මෙම කුණු වල අසල ජීවත් වීම නිසා විය හැකිය.ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට නොසුදුසු වාතයත් බීමට නොසුදුසු වතුරත් වෙසීමට නොසුදුසු පරිසරයක් තුල, දුප්පත් කම නිසා වෙන කිරීමට කිසිවක් නැති කමට මෙම ජීවිතය ගෙවන කයිතන්ලා දිහා බලා යමක් සිතීමට අප පාලකයන්ට සිදු වෙනු ඇත. ඒ ඒසී කාමර වලට වෙලා ෆයිල් වලට අත්සන් දම දමා සිටින නගරාධිපති තුමන්ලා පරිපාලන නිළධාරින් තම කොමිස් මුදල් ගැන පමණක් නොව අහිංසක ජනයා දෙසත් හැරී බැලීමක් කල යුතුය.
සටහන සහ ඡායා-ඩිල්ෂාන් තිසේරා