කුණු වලට බය නැති කටානේ ආණ්ඩු පක්ෂය

0
182

2014'11'12
  කටාන ආසනයට අයත් සියලූම ගම්වල කුණු කසල එකතු කිරීම කටාන ප්‍රා. සභාව විසින් නවත්වා දැන් මාස ගණනක් ගතවී තිබේ. මෙයට හේතුව කුණූ කසල ගෙනගොස් දැමීමට ස්ථානයක් නොමැති බවට හේතුවක් ලෙස ප්‍රාදේශිය සභාව පවසයි. මේ වනතෙක් කුණු ප්‍රතිචක්‍රීකරනය සිදුකිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් හෝ ප්‍රතිපාදන ලබාදීමට රජය විසින්  පියවර ගෙන නොමැති බව පෙනී යන අතර මේ ප්‍රදේශය  නියෝජනය කරන  පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ද , පළාත් සභා මන්ත්‍රීවරුන්ද මේ පිළිබදව කිසිදු මැදිහත්විමක් ද  මේ වනතෙක් සිදුකර නොමැත.
කටානේ කුණු ප්‍රශ්නය විසදාගැනීමට  මේ වනතෙක් ආණ්ඩු පක්ෂයට හැකියාවක් නොමැති බව පෙනී යන අතර කවුරුන් හෝ මැදිහත්වී මෙම ගැටළුවට විසදුමක් සෙවිය යුතුය. මේ වනවිට තැන් තැන් වල එකතුවී  කුණු කසල  පරිසර ප්‍රශ්නයක් නිර්මාණය කරමින් තිබේ

ඡායා –  මධුවන්ත වීරසිංහ