කුනු කසල පිසදමා නව වසරකට පියවර තබමු!

0
923
IMG 20210102 WA0000 1
IMG 20210102 WA0004

දලුපත ,පිල්ලෑව පාරේ නිවෙස් වලින් ඉවත් කෙරෙන කුණු කසල ඉවත් නෙරෙන්නේ සතියේ එක් දිනක පමණි. ඒ සිකුරාදාය. මෙදාපාර සිකුරාදා දිනය අයත් වූයේ 01 දාටය. සමහර විට නිවාඩු දිනයක් නිසා අදාල සේවක පිරිස් නොමැති කම ඊට හේතුව වන්නට ඇත. ඒ පිළිබඳව කිසිදු දොසක් කිව නොහැක. නමුත් නගර සභාවේ වගකීම පිළිබඳව ප්‍රශ්ණයක් තිබෙන බවත්, එම වගකීම පැහැර හැර ඇති බවත් නම් පැහැදිළිය.
මෙම කාරණයේදී වසර පුරා අනුන්ගේ කුණු ඉවත් කළ සියළු මිනිසුන් පිළිබඳව සළකා ඔවුන්ට අපගේ ප්‍රණාමය පුදකරන අතර මෙම සටහන ඔවුන් වෙනුවෙන් මෙසේ සටහන් කරමි.
කුණු ගැන කරන කතා බහකදී 1896 වකවානුව මතකයට නැගේ. එම ඉතිහාසය තුළ රෙදි අපුල්ලන මිනිස්සු ඉහළ යැයි සම්මත කර ගත් පංතියේ සියළු දෙනාගේ කුණු ඉවත් කර පිරිසිදු කළ ආකාරය කුමාරි ජයවර්ධන තම කම්කරු සටන් ඉතිහාසය පිළිබඳ පොතේ සඳහන් කර ඇත. නමුත් එකල සුද්දන්ගේ පාලන කාලයේදී සමාජයේ මෙම පිරිසිදු කරන්නන් ගේ කාර්‍ය කෙරෙහි දැක්වූ ආකල්පය ඉතා පිළිකුල් සහගත එකක්විය. මෙම තත්වය නිසා ඔවුන් 1896 දී වැඩ වර්ජනයක් කළ අතර සුදු පාලකයෝ එය මර්දනය කරන ලදී. නමුත් එදා දැඩිලෙස කිරි ටොයියන් සේ බැබළුනු ඉහළ පංතියේ මිනිස්සු ටික දිනකට නමුත් අපිරිසිදු කිරීමට සමත්වූ බව කුමාරි ජයවර්ධනගේ එම පොතේ සඳහන් කරයි.

IMG 20210102 WA0008


පිල්ලෑව පාර අයින දිගටම එක දිනක් තුළ ගොඩ ගැසී ඇති කුණු කසල වලින් , එදා රෙදි අපුල්ලන්ගේ ඉතිහාසය සිහියට නැගින. එදා ඔවුන්ගේ ශක්තිය කෙබඳු එකක් ද? යන්න ඉහළ පැළැන්තියට සිහිපත් කරවීමට ඔවුන් සමත්විය. එසේම අනුන්ගේ කුණු අතපතගාන අපේ මෙම සහෝදරයින්ටද සැළකුම් ලැබෙන්නේ එදා අනුන්ගේ කුණු හෝදා පිරිසිදු කළ අයට සළකන ආකාරයට වඩා වෙනස් අාකාරයට නොවන බව පැහැදිළිය.ඔවුන්ට ලැබෙන සොච්චමෙන් දරුපවුල් නඩත්තු කිරීමට සහ මිනිස්සු ලෙස ජීවත්වීමට හැකියාවක් නොමැති බව අපි දනිමු. නමුත් විවිධ සංදර්ශන තුළින් නගර සභාවේ පාලකයෝ මේවා අමතක කරවති.

IMG 20210102 WA0011


කෙසේ නමුත් දිනක කුණු එකතු වන්නේ මේ ආකාරයට නම් මේ මිනිස්සු සතියක වැඩ නතර කිරීමක් කළහොත් සිදුවන්නේ කුමක්දැයි අවබෝධ කර ගැනීම අපහසු නැත. අලියාගේ තරම අලියා නොදන්නවා සේම අපේ මේ සහෝදර පිරිස තම ශක්තිය අවබෝධ කරගෙන නැත. නමුත් දිනෙක එම අවබෝධය ලබා ඉහළ පැලැන්තියට තරු පෙන්වීමේ හැකියාව සහ ශක්තිය ඔවුන් සතුව පවතින බව කිව යුතුය. එවිට දැනට වඩා හොඳින් සමාජයේ කුණු කසල ඉවත් කිරීමට ඔවුන්ට ශක්තිය සහ ධෛර්‍ය ලැබෙනු ඇත.
ඔවුන්ට ජයවේවා!!!
සැම්සන් ඥානසිරි

IMG 20210102 WA0010
IMG 20210102 WA0009

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here