මේ අතර බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිධුරය ලැබු විශේෂඥ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ දිනයේ මිගමුව බන්ධනාගාරය තුල හදිසි නිරික්ෂණ චාරිකාවක නිරතව සිටියාය.
මෙහිදී බන්ධනාගාරය තුළ පවතින ඉඩ පහසුකම්, කාර්ය මණ්ඩල හිගය, සිරකරු තදබදය හා සනීපාරක්ෂක ගැටළු පිළිබඳවද බන්ධනාගාර රෝහල තුළ පවතින හෙද කාර්ය මණ්ඩල හිගයද නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අදාල බළධාරීන්ට උපදෙස් ලබාදුන්නේ සනීපාරක්ෂක ගැටළු විසදාගැනීමට ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් බන්ධනාගාරය තුළ අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහි විශේෂ අවධානයයක් යොමුකරන ලෙසත් අදාල බලධාරින් හට උපදෙස් ලබාදි තිබුණි.කෙසේ වෙතත් මිගමුව බන්ධනාගාරය පසුගියකාලය තුල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සහ කප්පම්කරුවන්ගේ රජදහනක් බවට පත්ව තිබුණි.මේ තත්වය නිසි ලෙස පාලනය කරමින් ඒ ජාවාරම්කාර පාලනයෙන් මිගමුව බන්ධනාගාරය නිදහස් කර ගැනිම ඇමතිවරිය හමුවේ ඇති ප්‍රධානම අභියෝගය බවට පත්ව තිබේ.