තමන්ටම යැයි කියා මිගමුව දූව මෝරවලේ තිබුණ නිවස ෆෝට් සිටියේ බලපෑමද හේතුවෙන් සිදුවු වෙරළ ඛාදනය නිසා අහිමිව ගොස් තිබුනේ 2019 වසරේ ජුලි මාසයේදිය.
වෙරළ සංරක්ෂණය ලිඛිතව දැනුම් දි තිබුන එම ස්ථානයේ තවදුරටත් රැදි සිටිම අවදානම් බැවින් එතනින් ඉවත් වන ලෙසය.

ඒ වෙනුවෙන් සුජිත්ලාට රජයේ ඉඩමකට හිමිකමක් ඇතැයි ලිඛිතව දන්වා තිබුණි. එහෙත් ඒ පොරෝන්දුව වසර 2 කකට ආසන්න වනතුරුත් ඉටුකරදිමට මිගමුවේ අදාල රාජ්‍ය නිලධාරින්ට නොහැකි විය.

මාධ්‍ය මැදිහත්වන්නේ ඒසේ තනිව අසරණව සිටි සුජිත්ට යුක්තිය ඉටුකරදෙන බලපෑම් කරමිනි.මිගමුව දූවේ පුදුම ගංකාරයන් කිපදෙනකු එක්ව සුජිත්ලා කලපුව අසල අටවාගෙන සිටි පැල්පතකිනුත් ඉවත් කිරිිමට අධිකරණයෙන් නියෝග ගෙන තිරිසනුන් මෙන් පැමිණ ඒ පැල්පත කඩා දමනු ලැබිය.,



මාධ්‍ය විසින් දිගින් දිගටම කළ හෙලිදරව් කිරිම් හමුවේ ශ්‍රිලංකා මානව හිමිකම් කොමිසම සුජිත්ගේ පවුල හමුවිමට පැමිණෙන්නේ ඒ අනුවය.මානව හිමිකම් කොමිසම පැමිණිමෙන් පසු එතෙක් මන්දගාමිව සිටි ඇතැම් නිළධාරින්ද අවදි වන්නට විය.
මිගමුවේ ඉඩම් නැතැයි සුජිත්ලාටම කිප වරක්ම කියා සිටි අය පවා නැති ඉඩම් හොයා සුජිත්ලාට ලබාදෙන තැනට අද වන විට කටයුතු සිදුව තිබේ.
අද ඒ වැදගත් දිනය උදාවි තිබුෙන් මිගමුවේ දුව ගමේ සුදු පිරුවට ඇදගත් පුදුම ගංකාරයන්ගේ සකලාකාර කුමන්ත්‍රණ පරාජය කරමිනි.
සුජිත්ලා වෙනුවෙන් පිටිපන මහවත්ත ප්‍රදේශයෙන් පර්චස් 4 ක ඉඩමක් දැන් ඔවුන්ට ලැබි ඇත.
දැන් අභියෝගය ඇත්තේ එහි නිවසක් ඉදිකරගැනිම සදහාය.
ඒ වෙනුවෙන් හදවත් ඇති මිනිසුන් ගැහැනුන් සුජිත්ලාගේ හයියට පෙළගැසෙනු ඇත
මිපුර පාඨකයෙකු වු ස්විස්ටර්ලන්තයේ වෙසෙන මිතුරෙකු මුලික කටයුතු සදහා යැයි කියමින් දැනටමත් රු 60000 ක මුදලක් අද දිනයේම සුජිත්ලා වෙනුවෙන් ලබාදිමට කටයුතු කර තිබුණි.
එවැන් හදවත් ඇති මිනිසුන් ගැහැණුවත් සුජිත්ලාගේ නිවාස සිහිනය සැබැ කරන්නට එක්වනු ඇතැයි අපට නම් විශ්වාසය..


