කුරණ ක්‍රිකට් සමාජයෙන් හොඳ වැඩක්

0
149

St Annes School 01St Annes School 02St Annes School 03මීගමුව, කුරණ ශාන්ත ආනා මහා විද්‍යාලීය සිසු දරු දැරියන් පිරිසකට පාසල් බෑග් සහ සපත්තු ප්‍රදානය කිරිමේ විශේෂ උත්සවයක් අද (2013/03/22) පෙරවරුවේදී එම විද්‍යාලයේදී පැවැත්විණි. කුරණ ක්‍රිකට් සමාජයේ සභාපති ඇතුළු නිලධාරී මන්ඩලයේ මග පෙන්වීම සහ අනුග්‍රහයෙන් මෙම වැඩසටහන පැවැත්විණි. ඒ සදහා ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් සහ ප්‍රදේශවාසීන් පිරිසක්ද මුල්‍ය දායකත්වය ලබා දී තිබුණි.  මෙම විද්‍යාලයේ ඉදිරිපිට තිබු ශාන්ත ආනා මුනිෂ්වරියගේ ප්‍රතිමාවද අළුත්වැඩියා කර එහි මණ්ඩපයද නවීකරණය කර තිබුණු අතර එය විවෘත කීරීමද මෙම උත්සවයට සමගාමීව සිදු විය. ඒ සදහා ද මුල්‍ය දායකත්වය ලබා දී තිබුනේ කුරණ ක්‍රිකට් සමාජය විසිනි. එම කාර්්‍යභාරයේදීද කුරණ කි්‍රකට් සමාජයට ප්‍රදේශවාසී ව්‍යාපාරිකයන්ගේ මුල්‍ය සහාය හිමී වී තිබුණි.
මෙම අවස්ථාවට කුරණ ශාන්ත ආනා දේවස්ථානයේ සහයක ඇන්ටන් දිනේෂ් සහෝදරතුමාද එලෙසම එම පාසලේ විදුහල්පතිනී මල්ලිකා මහත්මිය ඇතුළු ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් පිරිසක්ද සහභාගී වී සිටියහ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here