කුරණ දුම්රියපොළ අසල දිරාගිය ගසක් , අනතුරකට අත වනයි. 

0
598

IMG 20240404 WA0001
මීගමුව – කොළඹ දුම්රිය මාර්ගයේ කුරණ දුම්රියපොළ සමීපයේ ඇති දිරාගිය ගසක් හේතුවෙන් දැන් කලක සිට දැඩි අනාරක්ෂිත තත්ත්වයක් මතුව ඇත. කුරණ දුම්රියපොළ සමීපයේ ස්ථාපිත කර ඇති අංක 210 දරණ විදුලි සංඥා කණුව හෙවත් ලයිට් සිග්නල් කනුව අසල දුම්රිය මාර්ගය ආසන්නයේම ඇති දැනට වසර කිහිපයකට කලින් සිට දිරාගිය “ඔවිල්ල” නමින් හඳුන්වන අඩි 15 ක් පමන උසකින් යුත් ගසක් හේතුවෙන් මේ ආනාරක්ෂිත බව ඇති වී තිබේ.එම දුම්රිය මාර්ගය ආසන්නයේ ජීවත්වන ප්‍රදේශවාසීන් පවසන්නේ ඉදිරියේ එන වැසි කාලයේදී, දැනටත් මුළුමනින්ම පාහේ දිරා ගොස් ඇති මෙම ගස කොයි මොහොතක හෝ දුම්රිය මාර්ගයට ඇද වැටීමට ඉඩ ඇති බවයි. ඒ අනුව මෙම ගස අනපේක්ෂිත ආකාරයට දුම්රිය මාර්ගයට ඇද වැටුණහොත් මෙි ගස කපා ඉවත් කර මෙම දුම්රිය මාර්ගය, දුම්රිය ධාවනයට සුදුසු වන පරිදි යළි යථා තත්ත්වයට පත්වන තුරු පැය ගනනකට දුම්රිය ප්‍රමාද වීම් සිදුවිය හැක.එමෙන්ම දුම්රියක් ධාවනය වන අවස්ථාවක හිටිහැටියේම මෙම දිරාගිය ගස ධාවනය වන දුම්රියකට ඇද වැටුණහොත් එම තත්ත්වය දැඩි අනතුරුදායක තත්ත්වයක් බවට පත් වීමට ඉඩ තිබේ.IMG 20240404 WA0003

මේ අනුව ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත මීගමුව ප්‍රාදේශීය ලේකම් කර්යාලයට කරන ලද දැනුම් දීම හමුවේ ,ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට දන්වා ඇත්තේ මෙම ගස ඉතා ඉක්මනින් කපා ඉවත් කර ගැනීමට කටයුතු කරන ලෙසයි. එහෙත් දැනට මාස ගණනාවක් ගත වුවද දුම්රිය දෙපාර්තමේන්තුව මගින් මෙම දිරාගිය අනාරක්ෂිත, ගස කපා මෙම ස්ථානයෙන් ඉවත් ගැනීමට මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැතිවීම කණගාටුවට කරුණකි.

IMG 20240404 WA0001

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here