කුරණ පිහිටි සුපිරි sasha හෝටලයේ බරපතල සෞඛ්‍ය ප්‍රශ්ණයක් ?

0
114

sasha3මීගමුව සහ අවට ප්‍රදේශවල කාඅතරත් කථාබහට ලක්ව ඇති sasha කුරණ ප්‍රදේශයේ තමන්ගේ අළුත්ම ශාඛාව විවෘත කළා.
ඇත්තට සුන්දර තැනක්.
හොද සංකල්පයක්. වැඩියෙන් වාතශ්‍රයත් වාහන නැවැත්විම සදහා වැඩි ඉඩකුත් තියෙන හින්ද තවත් විශේෂයි.
ඒ අතින් මේ තැන ඇත්තට ටිකක් මෝඩ් .
හැබැයි මේ සේරම හොදට තියෙද්දි බරපතල සෞඛ්‍යමය වැරැද්දක් මේ අය අතින් සිද්ධවෙලා තිබුණා.
ඒ තමයි හෝටලයෙන් ආහාර පිටට ගෙනයාමේදි මේ අය යොදාගන්නා ප්ලාස්ටික් කප් ටික තියෙල තිබුන විදිය.shasha 2
මම මීට සති 3 ට පමණ ඉස්සර දවසක උදේක මෙතනට කෑම ගෙනියන්න ආවේ ඇත්තටම බරපතල ශළ්‍යකර්මයකට මුහුණ දිලා සුව වෙමින් තිබුන අයෙකුට.
විෂබිජ වලින් උපරිමයෙන් එයා පරිස්සම් වෙන්න ඕනා.
මම shasha  එකෙන් කෑම ගන්න කොට එයාල බිම් මට්ටමේ තියෙන රාක්කයක තිබුන ප්ලාටික් කප්වල තමයි හොදි දාල දුන්නේ .
ඇත්තටම එතන ඉතා පහසුවෙන් දුවිලි යන්න පුළුවන් තැනක්.
මම මේ ගැන එයාලගේ බිලක තිබුන 0114373359  මේ අංකයට කතාකරලා මේ පැමිණිල්ල කළා. දුරකතනයට පිලිතුරු දුන්න කෙනා ඉතාමත් ඉහලින් මගේ පැමිණිල්ල භාරඅරන් එවෙලාවෙම වෙනස් කරනවා කියල තමයි පොරොන්දු වුනේ .
නමුත් මේ 2016 අප්‍රේල් 11 වෙනිදා උදේවරුවේ   එතන කෑම ගන්න ගියාමත් අතන කිසි වෙනසක් වෙලා නෑ.
ඒ මදිවට සේවිකාවක් කොස්ස ඒ රාක්කේ අස්සට දාල අතුගානවා.
මම එතන ඉන්න අයට යළිත් පැමිණිලි කළා.මම කිව්වා මම සති තුනකට කලින් පැමිණිල්ල කළේ පාරිහෝගිකයෙක් විදියට නමුත් මම අද මේ පැමිණිල්ල කරන්නේ මාධ්‍යවේදියෙක් විදියට ඒනිසා මේ ගැන සමාවක් නෑ කියල.
මම ඒ වෙලාවම මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ ගුණරත්න මහත්තයටත් පැමිණිල්ල කළා.
පස්සේ මගේ දුරකථනට කථා කරපු මේ හොටලයේ සෙඩ්රික් කියන කළමණාකරුවෙක් කිව්වේ අපි තාම මේක ඇරල මාසයයි .අඩුපාඩු තියෙන්න පුළුවන් ඒවා හදාගන්නවා කියල.
ඇත්තටම මේ කළමණාකරුව හිතන විදියෙන්ම තේරුණා පිරිසිදු කම කියල මෙයාල හිතන් ඉන්නේ කොහොමද  කියල.sasha 4
සති 3 නකට කලින් පෙන්නල දුන්න වැරැද්දක් හදාගන්නේ නැතිව දැන් ඒක සාධාරණය කරන්න හදපු මෝඩ කළමණාකරුවෙක් .
මම පස්සේ මේ කළමණාකරුවට කිව්ව ඔයා වගේ හිතන කළමණාකරුවෙක්ට මේ දෙවල් කියල මගේ කාලේ අපතේ යවාගන්න මම කැමැති නෑ ඒ හින්ද අයිතිකරුගේ දුරකථන අංකය දෙන්න කියල.
නමුත් මේ කළමණාකරුව කියන්නෙම තව ටික දවසක් දෙන්නලු වැරදි හදාගන්න.
මෙහෙමත් කළමණාකරුවෝ ….????
ඉතින් මේ වැරැද්ද මගේ අත්දැකිම අනුව බරපතලයි.
මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය මේ ගැන සුදුසු පියවරක් ගනිවි කියල මම හිතනවා.
මෙතනදි කියන්න තියෙන වැදගත්ම දේ තමයි ඔක්කොම මොඩ් එකට සැලසුම් කරලා අර හොදි බෙදල යවන  කප්ටික අමුම අමු ගොන් විදියට අඩුක් කරල
ෂා ෂා වස ලැජ්ජයි ..?????