කුරණ පොදු ක්‍රීඩාංගනය ඌරු කොටුවක්

0
130

12 1995 දී  එවකට මීගමුව නගරාධීපතිවරයා වශයෙන් කටයුතු කළ සරත් ගුණරත්න
මහතාගේ  යෝජනාවකට අනුව කුරණ  නාගරික ක්‍රීඩාංගනය ප්‍රතිසංස්කරණය කර මේජර්
රාජ් රණවිරැවා නමින් නම්කළේ ඔහුට කරන උපහාරයක් වශයෙනි.
වසර 17 කට පසු අද කුරණ ක්‍රීඩාංගනය  එදා තිබූ තත්ත්වයට වඩා පිරිහී ඇත.
කුරන ශා.ආනා  විදුහල මෙන්ම තවත් ක්‍රීඩා සමාජ කීපය‍ක්  ක්‍රීඩා පුහුනු කටහයුතු සදහා මෙම ක්‍රීඩාංගනය භාවිතා කරයි. මෙම ක්‍රීඩාංගනයට විශාල  ප්‍රෙද්ශවාසීන් පිරිසක්  ශාරීරික  ව්‍යායාම සදහා  පැමිණෙති.
ක්‍රීඩාංගනය වටා ඉදිකර තිබූ ආරක්ෂක වැට සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇත. එම නිසා
ඌරන් හරකුන් මෙන්ම දඩාවතේ යන සුනඛයන් මෙම ක්‍රීඩාංගනය  තම වාසස්ථානය බවට පත්කරගෙන ඇත. ප්‍රෙද්ශවාසීන් ක්‍රීඩාංගනය මැදින් කෙටි මගක් සකස් කරගෙන ඇති අතර
දිනකට විශාල වාහන සංඛ්‍යාවක් ක්‍රීඩාංගනය මැදින් ගමන් කරයි.
නගර සභාව විසින් එක්රැස් කරනු ලබන අපද්‍රව්‍ය විශාල ළුහයෙන් වශයෙන් මෙම ක්‍රීඩා
භූමියේම කොටසක ගෙනවිත් දමනු  ලැබේ.රාත්‍රී කාලයේදී දොර ජනෙල් නොමැති ක්‍රීඩා මණ්ඩපය විවිධ සමාජ විරෝධී ක්‍රියාවන්ට භාවිතා කරන බව ප්‍රදේශවාසීන් පවසා සිටිති.මේ
සම්බන්ධයෙන් වගකිවයුත්තන්ගේ අවධානය යොමුවේවා.452

 

 

 

28

531

සටහන සහ ජායා – බර්ටි වීරසිංහ

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here