කුරණ සුපිරි ග්‍රැන්ඩිසා හෝටලය ඩෙංගු තිප්පොලක් ?සේවකයන් 10 කටත් ඩෙංගු?

0
181

general_front_2(දෙවන සංස්කරණය )මීගමුව කුරණ ප්‍රදේශයේ ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක් ඇතැයි වාර්ථාවේ. පසුගිය කාලය තුල ඩෙංගු රෝගීන් විශාල පිරිසක් මේ  ප්‍රදේශයෙන් සොයාගෙන ඇතැයි පැවසේ.
මේ අතර ප්‍රදේශවාසින් පවසා සිටින්නේ මීගමුව කුරණ පිහිටා ඇති ග්‍රැන්ඩිසා නම් වු සුපිරි හෝටලයේ වැඩ බිම එහෙම පිටින්ම ඩෙංගු බෝකරන තිප්පොලක් බවය.
ඒ වැඩි බිමේ සේවකයන් 10 කටත් වඩා වැඩිපිරිසකට  ඩෙංගු රෝගය වැළදි ඇතැයිද ඒ භුමිය තුලදි ඩෙංගු කීටයන් සිටින බවට තොරතුරු හෙළිව ඇතැයිද කියැවේ .
ප්‍රදේශවාසින් පවසා සිටින්නේ  මෙසේ  ඩෙංගු රෝගයට ගොදුරුව ඇති රෝගින් තමන් සේවය කරන්නේ මේ හෝටලයේ යැයි නොකියන ලෙස ඉහල බලධාරින්ගෙන් බලපෑම් එල්ලවෙමින් ඇති බවය.
පසුගිය කාලය තුල ඩෙංගු රෝගය මනා ලෙසින් පාලනය කරගෙන තිබුන කුරණ ප්‍රදේශයේ  ඩෙංගු වසංගතයක් ලෙසින් බෝවිමේ තත්වයක් ඇතිකිරිමට ග්‍රැන්ඩිසා හෝටලයේ හිමිකරුවන් ඉතා පැහැදිලි ලෙසින් වගකිව යුතුව තිබේ.
මෙම හෝටලයේ වැඩබිම පරික්ෂා කිරිමේදි එහි ඩෙංගු කීටයන් සිටි වට මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයද සනාථ කර සිටි.
මෙම හෝටලය ලංසා පවුලට ඇති සමබන්ධතාවය අද මීගමුව තුල ප්‍රසිද්ධ රහසකි.
මීගමුවේ නියෝජ්‍ය නගරාධිපතිධුරය හොබවන දයාන් ලංසා වත්මන් සෞඛ්‍ය කමිටුවේද සභාපතිවරයායි.
එමෙන්ම මීගමුව ප්‍රදේශිය සංවර්ධන කමිටුව සදහා ශ්‍රිලනිප සභාපතිවරයා ලෙසින් පත් කර ඇත්තේ ද නිමල් ලංසා ඇමතිවරයාවය.
කෙසේ වෙතත් කුරණ මේ ඩෙංගු තිප්පොල පිළිබද පුවත රහසක් ලෙස තබාගැනිමට එහි බළධාරින් ගත හැකි සියළු පියවරන් සැලසුම් කරමින් සිටින බවද සැලය.