කුරණ AUTO & E ZONE ආයතනයේ වාහන මහජන ආරක්ෂාවට බාධාවක්?

0
192

අංක 758 – කොළඹ පාර, කුරණ දරන ලිපිනයෙහි පවත්වාගෙන යන
AUTO & E ZONE ආයතනය විසින් එහි අධික බර පැටවූ වාහන
රාත්‍රී කාලයේදී  ගාල් කිරීම නිසා එම මාර්ග පද්ධතියට මෙන්ම පදික ජනතාවටත් මහත් හිරිහැරයක් විදින්නට සිදුවී ඇති බවත් ඒ සදහා නීතිමය ක්‍රියාමාර්ග ගැනිම සදහා ලිපියක්
මීගමුව-මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරුවරයා විසින්
මීගමුව පොලිස් අධිකාරිවරයා වෙත   ලිඛිතව දැනුම්
දී ඇත. එම ලිපියේ මෙපරිදය.

2012-03–28
පොලිස් අදිකාරී
පොලිස් ස්ථානය
තෙල්වත්ත හන්දිය

2008 අංක 40 දරණ ජාතික මංමාවත් පනතේ 27 (1) වන වගන්තියට
අනුව රජයේ දේපළ වලට අලාභහානි වනසේ හා මහජන ආරක්ෂාවට බාධා වන ලෙස මාර්ග  රක්ෂිතයේ රථවාහන ගාල් කිරීම

පෑලියගොඩ -පුත්තලම මාර්ගයේ බෝක්කු අංක 28/1 හා බෝක්කු
අංක 28/2 අතර මාර්ගයේ වම්පස හා දකුණු පස AUTO & E ZONE
නමැති ආයතනය සතු අධික බර පැටවූ වාහන දිවා කාලයේදී
හා රාත්‍රී කාලයේදී  ගාල් කිරීම  හා මාර්ග උරහිසෙහි  ගාල්කර එම
වාහන අලුත්වැඩියා කිරීම හේතුවෙන් ඉහත මාර්ග සීමාවෙහි තිබූ
කොන්ක්‍රීට් කාණු පද්ධතිය  හා ඒ මත යොදා තිබූ කොන්ක්‍රීට් ලෑලි
සියල්ලම විනාශ වී ඇති බවත් මෙම හේතුවෙ න් මෙම ප්‍රෙද්ශයේ
පදංචිකරුවන්ට පවා අධික වැසි දිනවලදී ජලයෙන්  බාධා වෙමින්
හා තිබූ කාණු පද්ධතිය කඩා අවහිර කිරීම හේතුවෙන් ජලය එක් රැස්වීමෙන්
ඩෙංගු උවදුර මතුවීමේ  ප්‍රවනතාවයක් ඇති බව පෙනී යයි.
තවද මෙම මාර්ග රක්ෂිත කොටසෙහි මෙම කොටස හුදකලාව නිදහස්
කර ඇත්තේ  මාර්ගයේ ගමන් කරන පදිකයින්ට හා හා ප්‍රධාන
මාර්ගයේ  ගමන් ගන්නා වාහන සදහාය. ඉහත ආයතනය විසින්
මෙලෙස මාර්ග රක්ෂිතය අවහිර කිරිම හේතුවෙන්
පසුගිය දින කීපය තුළ මෙම මාර්ග කොටසෙහි මාරාන්තික රිය අනතුරු කීපයක්
සිදුවූ බව අසල් වැසියන්ගෙන් මා වෙත පැමිණිලි කිපයක් ලැබී ඇත.
එබැවින් මෙලෙස ප්‍රධාන මාර්ගයේ  මාර්ග රක්ෂිතය අවහිර කිරීම හේතුවෙන්
ප්‍රධාන මාර්ගයේ වාහන වලට හා පදික වේදිකාවේ ගමන්කරන පදිකයන්ගේ
ආරක්ෂාව සදහා පහතින් සදහන් අය විසින් සිදුකරන
(AUTO & E ZONE අංක 753 , කොළඹ පාර,කුරණ ,මිගමුව) බලවත්
අනතුරුදායක ක්‍රියාව සදහා නීතිමය කටයුතු සිදුකිරීමට අවශ්‍ය කටයුතු
සදහා ඉදිරිපත් කරමි.
විධායක ඉංජිනේරු
මාර්ග සංවර්ධන අධිකාරිය.
මීගමුව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here