කුරු/ජෝන් කොතලාවල විදුහලේ ළමයින්ට දඬුවම් කිරීමට කලුවර කාමරයක්?

0
570

1780713_698885556830197_2055488868_nකුරුණෑගල ජෝන් කොතලාවල විද්‍යාලයේ  ශිෂ්‍යාවක් දිවි නසා ගැනීම සම්බන්ධයෙන්  එම විද්‍යාලයේ විදුහල්පතිවරයාට චෝදනා එල්ලවී ඇත.  මෙම සිදුවීමට හේතුවී ඇත්තේ  විදුහල්පතිවරයා මෙම සිසුවියට ප්‍රසිද්ධ රැස්වීමේදී ‘ වේසි‘ යන වචනය පාවිච්චි කරමින් නින්දිත ලෙස කළ අපහාස කිරීම බව පාසලේ සිසුවියන් ප්‍රකාශ කරති. මෙම සිදුවීම සිදුවූ ආසන්නයේදීම විදුහල්පතිවරයාට විවිධ දේශපාලන ධාරාවන්ගෙන් සහයෝගය ලැබෙන්නට පටන් ගත් අතර පාසලේ ගුරුවරුන්ද මාධ්‍යට හෝ සමාජයට ඇත්ත පවසන්නට බියවූ බව  ප්‍රෙද්ශයේ ජනතාව පවසති. බොහෝ ගුරුවරුන් තම නිවෙස්වල පවා දුරකථන ඇමතුම් වලට පිළිතුර නොදී මගහැර සිටි බව  ගුරු සංගම් නිලධාරීන් වාර්තා කරති. මෙම සිදුවීමෙන් පසු පාසල ඉදිරිපිට පැවති විරෝධතාවයට පහර දීමට  ජොන්ස්ටන් අමාත්‍යවරයා  ද පොලීසිය හා පිරිස් එවා තිබී ඇති අතර යම්කිසි සිදුවීමකින් පසු එය වැලකී ඇත.
ජෝන් කොතලාවල විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ ක්‍රියා කලාපය  සාධාරණ හා ආචාරධාර්මික නොවන බවට ඕනෑතරම් සිදුවීම් ඇතිබවත් ගුරුවරු හා ඉහළ පෙලේ දේශපාලනඥයන් මෙන්ම සමහර මාධ්‍යෙව්දීන් ද ඔහුට බිය බව ප්‍රෙද්ශයේ  ඇතැම් ගුරුවරුන් පවසති.  මොහුගේ ක්‍රියාකලාපය දේශපාලන ගැතිකම් වලින් මෙන්ම රළු පාලනයක් බවද නම සදහන් කිරීමට අකමැති ගුරුවරයෙක් පැවසීය. එමෙන්ම පාසල් දරුවන්ට දඩුවම් කිරීම සඳහා  කලුවර කාමරයක් ද පාසල තුළ  සකසා ඇති බවද ගුරුවරුන්ගෙන් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here