කුරුන්ගුරුන්ලා රුක්මණිදේවියගේ සොහොනට මොකද කළේ..??

0
106

2012 අගෝස්තු 12 වැනි දින මීගමුව මහ නගර සභා ප්‍රධාන සුසාන භූමියේ පිහිටි රුක්මනීදේවියගේ සිරුර භූමදානය කර තිබෙන ස්මාරකය කඩා බිද දමා තිබිණි.  මීගමුවේ හිටපු නගරාධිපතිවරයෙකු සහ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරයෙකු වු ආනන්ද මුණසිංහ නැමැත්තා ඇතුළු පුද්ගලයින් 07 දෙනෙක් මේ සම්බන්ධයෙන් චෝදනා ලැබ ඊට වන්දි වශයෙන් ස්මාකරකය නැවත ඉදිකිරිමට රු ලක්ෂ 5 ක් රුක්මණිෙද්වි සංසදයට ලබාදුණි.

ඒ අනුව අධිකරනය තීන්දු කල එම රුපියල් ලක්ෂ 05 ක වන්දි මුදල ලබා ගැනුනේ රුක්මණි දේවි සංසදයේ අධ්‍යක්ෂිකා ශිරානි අමලා දිසානායක නැමැති රුක්මණි දේවියගේ ගීත ගයනා කරන තැනැත්තියක් විසිනි. එම වන්දි මුදල ලබා ගැනීමේ අවස්ථාවට එම සංසදයේ ලේකම් ලෙස කොපිකඬේ කුරුං-ගුරුං හෙවත් කේ.ඒ. පියකරු නැමැත්තාද සහභාගී විය. එලෙසම එම සංසදයේ සමජිකයෙකු වන අර්නස්ට් සොයිසා නැමැති ප්‍රකට  ගිටාර් වාදන ශිල්පියාද සහභාගී විය.

මේ මුදල් ඔවුන් ලබාගෙන දැන් වසරක්ද ඉක්ම ගොස් තිබේ. එහෙත් තවමත් ස්මාරකය තනා නැත.මේ කිසිවෙකුත් දුරකතනයක් මගින් හෝ සම්බන්ධ කර ගැනිමටද නොහැකි වි තිබේ.

ඉතින් කුරුන්ගුරුන්ලා මෙයට පිළිතුරු දිය යුතුව තිබේ.