කුලියාපිටිය මූලික රෝහලේ ගැබිණි මව්වරුන්ට නොසැලකිලිමත් ප‍්‍රතිකාර

0
77

කුලියාපිටිය මූලික රෝහලට දරු ප‍්‍රසූතිය සඳහා ගිය  කාන්තාවන් කීපදෙනෙකුට සිදුකළ සීසර් සැත්කම් වලදී මැහුම් දැමීමේදී සිදුවූ නොසැලකිලිමත්කම  නිසා ඔවුන්  මුහුණ  විඳි අපහසුතා පිළිබඳව අත්දැකීම් හා  තොරතුරු පසුගිය මාස කීපයක සිට  අප වෙත වාර්තා විය. කුලියාපිටිය මූලික රෝහලේ දරු ප‍්‍රසූතිය සඳහා  ගිය කාන්තාවක් පසුගිය සතියේ තවත් අපූරු අවදානම් අත්දැකීමකට මුහුණ දී තිබුණි. එනම් ඇය දරු ප‍්‍රසුතිය සිදු කළ පසු ඇයගේ යෝනි මාර්ගයේ විතතීය කැපුම මැසීමේදී පාවිචිචි කරන ගෝස් කැබැල්ල එසේ තබා නොසැලකිලිමත් ලෙස කාර්ය නිමකර තිබීමයි. පසුව ඇයට වේදනාවක් දැනී ඒ පිළිබඳව දැනුම් දුන් පසු එම ගෝස් කැබැල්ල ආපසු  ගැනීමද නොසැලකිලිමත් ආකාරයට සිදුකිරීම නිසා මැහුම් දැමූ ස්ථානයේ තුවාලය පෑරී මහත් අපහසුතාවයකට මුහුණ දුන් බව ඇගේ ඥාතීන්ගෙන් අප වෙත වාර්තා විය.