වාර්තා වන අන්දමට මාර්තු 19 වනදා රෝහලේ 10 වන වාට්ටුවට ඇතුළත් වූ මෙම කාන්තාවගේ දරු ගැඛේ වතුර බෑගය කැඩීමක් හෝ සුළු කැඩීමක්ව සිදුව ඇති බවට ඇයට දැනී ඇති අතර ඒ බව ඇය දැනුම් දී ඇත.
මෙම සිදුවීමෙන් පසු ඇයට ප්‍රසූත වේදනාවක් ඇතිවී නොමති නිසා ඇයගේ ප්‍රසූත කාලය පසුව දා (26) වනදා පාන්දර 6.00 යෙදී ඇත.
දරුවා ලැඛෙන විට දවල් 1 පමණ වී ඇති අතර දරුවාගේ ප්‍රසූතිය ස්වභාවිකව සිදුනොවූ බැවින් ඒ සඳහා අවශ්‍ය වෛද්‍යමය ප්‍රතිකාර ලබාදුන් පසුව මෙම දරුවා බිහිකිරීමට අදාළ හෙදියන් කටයුතු කර ඇත. ඒ සමගම දරුවා විශේෂ ළදරු ඒකකය වෙත ඇතුළත් කර ඇත්තේ පෙනහළු තුළට යම් අපද්‍රව්‍යයක් ඇතුළු වී ඇති බැවිනි.
දරු ප්‍රසූතිය සදහා මාර්තු 19 වනදා ඇතුළත් වූ මෙම කාන්තාවට විලිරුදාවක් ඇතිවීමේ ප්‍රමාදයක් පෙන්නුම් කර ඇති අතර ඇයගේ ගර්භාෂයේ වතරු බෑගයේ කැඩීමක් සිදුවී බවද පැහැදිලිව තිබියදී ඇගේ ප්‍රසූතිය සැත්කමක් මගින් සිදුකිරීමට අදාළ වෛද්‍ය නිලධාරීන් ප්‍රමාද කිරීම පිළිබඳව යම් ගැටළුවක් මතුවේ.
මෙම ප්‍රසූතිය සිදුවන අවස්ථාවේදී වෛද්‍යවරයෙකු නොසිටියත් ඇයගේ ප්‍රසූතිය ප්‍රමාදවීම සම්බන්ධයෙන් ප්‍රසව හා නාරි විශේෂඥවරයාගේ නිරීක්ෂනයට ලක්නොවූවා විය නොහැක. ප්‍රසූතිය ප්‍රමාද වීම හා විලිරුදාවක් ඇති නොවීමත්,වතුර බැගය කැඩීමත් අතර දරුවාට ඇතිවිය හැකි අසාදනය පිළිබදව විශේෂඥ වෛද්‍යවරයාගේ පූර්ව නිගමනයක් තිබුණාද එසේ තිබුණා නම් එය ක්‍රියාත්මක නොවීමේ යම් ගැටළු සහගත තත්ත්වයක් මතුවූවාද යන ප්රශ්නය මෙම බිළිඳාෙග් මරණය සම්බන්ධයෙන් මතුවේ.
උපත් මරණ පාලනය කර ඇති කාලයක මෙම සිදුවීමට හේතු කාරණා කෙබඳු ද යන්න පිළිබඳ ව මීගමුව රෝහලේ බලධාරීන්ගේ හා වෙද්‍ය ක්ෂේත්රයේ අවධානය යොමු විය යුතුය. මන්ද වෛද්‍ය විද්‍යාව ඉතාම දියුණු කාලයක අපට අහන්නට ලැබෙන පුදුම සහගත අත්හදාබැලීම් සහිත යුගයක අප ජීවත් වන බැවිනි.