කෘමි නාශක යෙදු පේර අනුභව කල සිසුවිය මරුට _ තවත් තිදෙනෙක් රෝහලේ (Photos )

0
560

ඌව පරණගම පන්නල ප්‍රදේශයේ කෘෂි රසායන යෙදූ පේර අනුභව කිරීමෙන් 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් ළමුන් තිදෙනෙක් ප්‍රතිකාර සදහා රෝහල් ගත කර තිබේ.

l

පසුගිය 15 වන දා වයස අවුරුදු 11 සහ 17 පසුවන පිරිමි ළමුන් දෙදෙනකේ හා ගැහැණු ළමුන් දෙදෙනෙක් නොදෙනුවත් කමින් එක් ළමයෙකුගේ ගෙවත්තේ තිබූ කෘමි නාශක යෙදු පේර ගසක තිබූ පේර අනුභව කිරීමෙන් මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව තිබේ.

ළමුන් තිදෙනෙක් ඌව පරණගම හා නුවරඑළිය රෝහල් වලට ඇතුලත් කර ප්‍රතිකාර ලබා නැවත නිවෙස් කරා පැමිණ සිටින අතර මිය ගිය සිසුවිය දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අඹගස්දෝව ජනාදිපති විද්‍යාලයේ අධයාපනය හදාරණ චලනි උදේශිකා නැවති සිසුවියකි.

අසල්වැසි නිවෙස් හිමියා කෘමින්ගෙන් පේර අස්වනු ආරක්ෂා කර ගැනීම සදහා පේර ගස් වලට කෘමි නාශක යොදා තිබීම නිසා මෙම අවාසනාවන්ත සිදුවිම සිදුව ඇතැයි වාර්තා වේ.

ywww.badullanews.com

Save

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here