කෘෂිකර්මාන්තයට ලබා දී ඇති බදු විරාම ජනහිතවාදී ලෙස පෙනෙන නමුත් එම කර්මාන්තයේ සැබෑ ගැටළු විසදීමට නොහැකි ක්‍රියාමාර්ග වේ

0
121

mangala-samaraweera

මුදල් අමාත්‍යංශය විසින් කෘෂිකාර්මික අංශය සදහා බදු සහන වැඩසටහනක් නොබෝදා නිවේදනය කරන ලදී.
නමුත් මෙම ඉදිරිපත් කර ඇති සහන මගින් එම කර්මාන්තයට ඇති කිසිදු බලපෑමක් නැත. බොහෝ සුළු පරිමාණ ගොවීන් අදායම් බදු ගෙවනන්ගේ කාණ්ඩය අතරට වැටෙන්නේ නැති අතර පසු ගිය වසර වල දත්ත සලකා බැලීමේ දී පෙනෙන්නේ කෘෂිකර්මය පදනම් කරගත් අදායම් බදු රජයේ බදු අදායමින් 0.03% වැනි ඉතාමත් සුළු ප්‍රතිශතයක් වන බවයි. ඒ මගින් කෘෂි කර්මාන්තයට හෝ එහි ඵලදායිතාවයට කිසිදු බලපෑමක් නොවන බව ඒ අනුව පැහැදිලි වේ.
දැනට සත්‍ය ලෙස ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට අවශ්‍යව ඇත්තේ දැරිය හැකි මුල්‍ය පහසුකම්, හොඳ
තත්වයේ වාරියමර්ග, නිසි ගබඩා පහසුකම් සහ වෙළඳපොළට ප්‍රවේශ වීමේ අවස්ථාව වැනි පහසුකම් වේ. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මගින් අප රන් අස්වැන්න (පොලී අනුපාතිකය 6.8%), ගොවි නවෝදා (පොලී අනුපාතිකය 3.4 %) වැනි මුළු කෘෂිකාර්මික අංශයම ආවරණය වන ආකාරයට ණය යෝජනා ක්‍රම හඳුන්වා දුන් අතර ගම්පෙරළිය වැඩසටහන මගින් පසු ගිය වසර දෙක තුල ගොවීන් නියඟය නිසා ඇති වූ ගැටළු වලට ලක් කරමින් නොසලකා හැර තිබු රට වටා ඇති කුඩා පරිමාණයේ වාරි වැව් පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී. තවද අප විසින් 2018 අයවැය මගින් පොලොන්නරුව, රත්නපුර හා කිලිනොච්චි යන නගර හා තවත් ප්‍රදේශවල කෘෂිකාර්මික ගබඩා ස්ථාපනය කිරීමේ වැඩසටහන් හදුන්වා දෙනු ලැබූ අතර එමගින් ගොවීන්ගේ අදායම් ස්ථාවර කර ගැනීමට ඔවුනට හැකි විය.
අපගේ කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන යටතේ සුළු පරිමාණ ගොවීන් දේශීය හා ගෝලීය වටිනාකම් දාමයකට සම්බන්ධ කිරීම සඳහා විවිධාකාර වැඩසටහන් ආරම්භ කළහ. මෙම වැඩසටහන් සියල්ලම 2019 අයවැය මඟින් පුළුල් කිරීම සඳහා අප විසින් ඉලක්ක කර තිබිණි.
දැනට යෝජිත බදු විරාම කෘෂිකර්මයේ මෙවැනි බරපතල ගැටළු වලට විසදුම් නොදෙනු ඇත. ඒ නමුත් එමගින් අදායම් බදු ගෙවීමට හැකියාව ඇති විශාල වැවිලි සමාගම් හා වාණිජමය කෘෂි කර්මාන්තකරුවන්හට ප්‍රතිලාභ හිමි වේ. ඒ අනුව මෙම බදු විරාම මගින් ගොවීන්ට කෙසේ වෙතත් වාසි අත්වන්නේ වාණිජ සමාගම් සදහාය.
එයින් කුඩා පරිමාණයේ ගොවීන්ට කිසිදු ප්‍රතිලාභයක් නැත. කෘෂිකාර්මාන්තයට ලබා දී ඇති බදු විරාම
ජනහිතවාදී ලෙස පෙනෙන නමුත් එම කර්මාන්තයේ සැබෑ ගැටළු විසදීමට නොහැකි ක්‍රියාමාර්ග වේ.
කෙසේ වෙතත්, කෘෂිකර්මාන්තය සඳහා බදු නිදහස් කිරීම් වෙනත් ප්‍රශ්න මතු කරයි. අනෙකුත් සුළු පරිමාණ
කර්මාන්ත සඳහා සහයෝගයක් නැත්ද? කුඩා හා මාධ්‍ය පරිමාණයේ වඩුවන්, සිල්ලර වෙළෙන්දන්,
නිෂ්පාදනකරුවන්, ඉදිකිරීම්කරුවන්, ධීවර කර්මාන්තයේ යෙදෙන්නන්ට නැත්ද? ඔවුන්ට බදු සහන අකැප ද?
කෘෂිකර්මය පමණක් විශේෂ ඇයි? සමහර විට ඒ විශාල පුද්ගලයින් ප්‍රමාණයක් යෙදෙන කර්මාන්තයක් වුවත් මෙම බදු සහනයෙන් ප්‍රතිලාභ ලබන සුළු පිරිසක් ඇති නිසා විය හැක. මෙම බදු සහන කෘෂිකාර්මික සැකසුම් සදහා ද අදාළ වන අතර එමගින් මහා පරිමාණ සහල් මෝල් හිමිකරුවන්ට විශාල බදු වාසි අත්වනු ඇත.
අප ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය ලාභ මට්ටම් මත පදනම් වූ අතර එය සමහර කර්මාන්ත හෝ අංශ සදහා
පමණක් හිතකර වුයේ නැත. ඒ අනුව ඔබ කෘෂිකර්මාන්තයේ හෝ තොරතුරු තාක්ෂණ අංශයේ නිරත වුවත් ඔබ එක් සීමාවක් ඉක්මවා ලාභ ලැබුවහොත් බදු 14% අනුපාතිකයක් අනුව ගෙවිය යුතු වූ අතර ඔබ ලාභ නොලැබුවහොත් ඔබ කුමන අංශයට අයත් වුවත් බදු ගෙවීමට අවශ්‍ය නොවන ලෙස බදු ප්‍රතිපත්තිය සකස් කර තිබුණි.
අපගේ අදායම් බදු ප්‍රතිපත්තිය සාධාරණත්වය හා යුක්තිය මත පදනම් වූ අතර ලාභ ලබන ආයතන, නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය හා යටිතල පහසුකම් වැනි ඔවුන් විසින් ද ලාභ ඉපයීමට භාවිතා කල සේවා වැඩි දියුණු කිරීම වෙනුවෙන් රජයේ ආදායමට දායක වීමේ අවශ්‍යතාව හදුනා ගන්න ලදී.
නමුත් දැන් පවතින මුදල් අමාත්‍යංශය මගින් යෝජිත බදු සහන නිසා මහා පරිමාණ වැවිලි සමාගම් හා
කෘෂිකාර්මික අංශයේ ලාභදායි බහුජාතික සමාගම් විසින් කිසිදු බදු ගෙවීමක් සිදු කිරීමට අවශ්‍ය නොවන අතර දේශීය ඉදිකිරීම් සමාගම් තම ලාභයෙන් 28% ක් බදු වශයෙන් ගෙවිය යුතුය. ඒ අනුව, මෙය කෘෂිකර්මාන්තයේ නියුතු බොහෝ දෙනාට වාසිදායක නොවන ඉතාමත් අසාධාරණ යෝජනාවක් ලෙස දැක්විය හැක.