කෙලවල්ලන් මිළ පහලට ! බහුදින ධිවර කර්මාන්තය අර්බුදයක !

0
123

කෙලවල්ලාබහුදින යාත්‍රා හිමියන් මේ දිනවල බරපතල අර්බුදයකට මුහුණ දි සිටිති. ඒ අපනයනය සදහා විවිධ ගැනුම්කරුවන් වෙත ලබාදුන්  ලොකු කෙලවල්ලා මාළුන්ගේ මිළ සිඝ්‍ර ලෙසින් පහලට යාම නිසාය.
වෙනදා කිලොවක් රුපියල් 1200ත් රු 1600 ත් අතර  මිළක් හිමිවෙමින් තිබුණද අද වන විට එය රු 450 දක්වා පහලට බැස තිබෙන බැව් ඔවුන් පවසති.
මෙයට හේතුව ලෙස අප කළ විමසුමකදි බහුදින යාත්‍රා හිමියන් පවසා සිටින්නේ විදේශිය නැව් 14 කට ආසන්න ප්‍රමාණයක් ලංකාවේ මාළු ගොඩබෑම සිදුකර ඇති බවට රාවයක් පවතින බවත්  මේ හේතුවෙන් මිගමුවේ මෙන්ම වෙනත් පළාත්වලද ලොකු කෙලවල්ලා මිළ පහලට බැස ඇතැයි ඔවුන් විශ්වාස කරන බවය.
කෙසේ වෙතත් අප විසින් පළකරන්නට යෙදුන මේ පුවත බොරුවක් යැයි කියමින් වෙන්නප්පුව ප්‍රදේශයට සම්බන්ධ ටුනා අපනයන ක්ෂේත්‍රයේ දෙදෙනෙකු විසින් සටහන්ද තබා තිබුණි.
එහෙත් අප යළිත් අපේ පුවතේ සත්‍යතාවය තහවුරු කරඇත්තේ මේ අර්බුදය නිසා බහුදින ධිවර යාත්‍රා හිමියන් අද සවස විශේෂ රැස්විමක්ද කැදවා තිබෙන පසුබිමකය.
ඒ රැස්විමද වෙන්නප්පුවට සමිප තැනක පැවැත්විමම අපට බොරු පුවත් යැයි මුහුණු පොතේ සටහන් තැබුවන්ට වු දෛවයේ සරදමක් වැන්න.