මේ කථාව ඇත්තක්ද?
ඔව්, එහෙම දෙයක් තියෙනව. අපේ පක්ෂයේ විනයට අනුව එක් අවස්ථාවක ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් තිබුන. එහිදී ඔහු වැරැද්ද පිළිගත් නිසා සමාව ලැබුන. නමුත් නැවත දෙවන වරටත්, කළ වැරැද්ද නිසා ඔහු පක්ෂයෙන් ඉවත්කළ බවටයි ආරංචිය.
එවිට පක්ෂ සාමාජිකත්වය සමඟ මන්ත්රීධූරයත් අහෝසි වෙනවද?
පක්ෂයක සාමාජිකත්වය අහෝසි වුනාට පස්සෙ මන්ත්රීධූරයත් අහෝසි වෙනව. දැනටමත් මැතිවරණ කොමසාරිස් තුමා මේ පිළිබඳව නීතිමය කටයුතු කරමින් තමයි ඉන්නෙ.