කෙහෙල් ඇවරියේ කපිලටත් පැරදුන ඇමති ලංසා ගැන මහින්දටත් මළ පැනලා ?

0
117

MRපසුගිය සතියේ මිගමුව දේශපාලන සමාජය තුල වැඩියෙන් කථාබහට ලක්වු තිබුණ මාතෘකාව වුයේ සමුපකාර ඡන්දයයි. එයිනුත් පෙරියමුල්ල විශේෂ වි තිබුනේ ඇමති නිමල් ලංසා නගරාධිපති දයාන් ලංසා පමණක් නොව එජාප නාගරික මන්ත්‍රි ගිහාන් බෙන්ජමින් පවා එක්ව ඒක පෙරමුණක් ලෙසින් කෙහෙල් ඇවරි මන්ත්‍රි කපිල නන්ද සුලෝචන විසින් සමුපකාර ඡන්දයට නම් කර තිබුණ කණ්ඩායමට එරෙහිව දැවැන්ත සටනක් දියත් කර තිබියදි ඇමති ලංසාගේ පිළ පරාජයට පත්ව කපිලගේ පිළ ජයගැනිම පිලිබදවය.
මෙහි වඩාත්ම වැදගත් කාරණය වි තිබුනේ මේ වන විට ඇමති ලංසාගේ පිළේ පරාජය අගමැති මහින්ද රාජපක්ෂට පවා වාර්තා වි තිබිමය.
වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට ඇත්තේ එ ගැන මහින්ද රාජපක්ෂටත් මල පැන ඇති බවය.
අභිමුව ඇත්තේ මහමැතිවරණයකි.
එහෙත් කොට්ටාශයක සමුපාකර නියෝජිතයන්ගේ ඡන්දයකින් පවා ජය ගැනිමට නොහැකි අයුරින් මිගමුව තුල ඇමති ලංසා දැන් පත්ව තිබේ.
එය ඔහුන්ගේ වැරදි දේශපාලනයට මිගමුවේ ජනයා විසින් ලබාදුන් දේශපාලන දඩුවම යැයි නම් සදහන් කිරිමට අකමැති පොහොට්ටුවේ ජේෂ්ඨයෙකු මීපුරට කියා සිටියේය.