කොක්ටේල් පාටියේ අගමැති ඉදිරියේම කාවින්දගේ ඇත්ත හෙළිවෙයි !

0
73
ඩෙනික්
කාවින්දගේ ෆේස්බුක් ෆෝටෝ දේශපාලන කණ්ඩායමේ කොටසක්

අයවැයට ඡන්දය දිමට නම් ආසන සංවිධායකධුරයක් අවැසි බවත් එසේ නොවන්නේ නම් අයවැය පරාජය කරන බවටත් තර්ජනය කරමින් දේශපාලන කප්පම් ඉල්ලා සිටි  ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන ඊයේ දිනයේ මේ කප්පම සැමරිම සදහා කොක්ටේල් පාටියක් සංවිධානය කර තිබුණි.
තමන්ගේ ලොකුව පෙන්වා දිමට කාවින්ද විසින් සංවිධානය කර තිබුණ මේ සාදයේදිම ඔහුගේ ඇත්ත හයිය අගමැතිවරයා ඉදිරියේදි රෙදි ගැලවි හෙළිව ඇත.
මේ කප්පම් ආසන සංවිධායකධුරය ගැනිම සදහා බහුතරයක් මන්ත්‍රින් තමන් සමගින් සිටින බවට වහසි බස් දොඩා සිටි කාවින්දගේ ඇත්ත තත්වය අගමැති ඉදිරියේම හොද හැටි ඔප්පු වි තිබුණි.
මිගමුව ආසනයේ එජාප මන්ත්‍රින් 19 දෙනාගෙන් 6 දෙනෙකු පමණි.
මේ අය අතර සිටින්නේ එක ජේෂ්ඨ මන්ත්‍රිවරයෙකු වන අතර ඔහුට එරෙහිව කප්පරක් චෝදනා තිබේ.නිමල් ලංසාගේ හා පැවැති සමිප සබදතා මත සිය පවුලේ අයට ලබාගත් විවිධ වරදාන දාන ඔහු නියෝජනය කරන පලාත සැමට නම් ප්‍රසිද්ධ රහසකි.
කාවින්ද කල්ලියට සම්බන්ධ තවත් මන්ත්‍රිවරයෙකුට පැහැදිලි මිනිමරුම් චෝදනා එල්ලවි ඇත.ඒ අහිිංසක දරුපවුල් කාරයෙකු ඝාතනය කිරිම සම්බන්ධයෙනි.
අනික් හතර දෙනාම මිගමු සංවිධායක රොයිස් විජිත විසින් නාමයෝජනා ලබාදිම නිසා මන්ත්‍රිවරන් වුවන්ය. වසරක් යන්නට මත්තෙන් තමාව නම්කළ නායකයාටත් පත්කරන ලද ජනතාවටද පස්ස පැත්ත පෙන්වු සැබෑ ජනතා ද්‍රෝහින්ය.
මේ හතර දෙනා අතුරෙන් එකෙකු වන්නේ අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ බැනවැදිම් කරමින් අගමැතවරයාගේ චරිතය ඝාතනය කළ අයෙකි.
ඉතින් කාවින්දගේ කල්ලිය එවැනි ද්‍රෝහින් රැසකින් සමන්විතය.
එපමණක් නොව එකි සාදයට පැමිණ සිටි අතලොස්සක් වු ෆෝටෝ මේනියාව තියෙන අවස්ථාවදි එජාප ක්‍රියාකාරිකයෙකු හෝ දෙදෙනෙකු හැරුණු කොට මිගමුවෙන් පැමිණ සිටි සැබෑ පාක්ෂිකයෝ කව්ද ?
ලක්ෂ ගණන් වියදම් කරමින් පැවැති කෝක්ටේල් පාටිය කාවින්දගේ පටිරෝල් කර තිබූනේ එසේය.
කුම්බලා මාළු කැවා නම් දුක් විදපන් බළලෝ යැයි ජනවහරේ කියමන් වෙයි.
එය කාවින්දටද බෙහෙවින්ම ගැලපේ.