කොච්චකඩේ පාලමේ පදිකයින්ගේ තීරුව හදන්නේ කවදාද ?

0
91

pedestrian-clipart-dT7ezAybcකොච්චිකඩේ නගරය පසුකර තෝ්ප්පුව දෙසට හැරෙන විට හමුවන කෝච්චිකඩෙ පාලමේ දෙපස ඇති පදිකයින් සදහා තිබූ මංතීරුව   දැනට මාසයකට ඉහතදී වසා දමා ඇත්තේ නඩත්තු කටයුතු සදහා  බවට දැන්වීමක් ද සවිකරමිනි. කොච්චිකඩේ පාලම දෙපස පයින් යන අයට පාවිච්චි කිරීමට තිබූ මාර්ගය  ඉතාම ආරක්ෂාකාරී ලෙස මගීන්ට යාමට පහසු මං තීරු දෙකක් වූ අතර පාලම හරහා මාර්ග තුනකින් එන වාහන ගමන් ගන්නා හෙයින් මෙම ස්ථානය නිතරම අවහිර සහිත මාර්ගයකි. වාහන තදබදය තිබෙන වේලාවල් වලදී කෙසේවත් පයින් ගමන් කරන්නන් හට පාලම මැදින් ගමන් කිරීම  සුදුසු නොවේ.
තතු එසේ තිබියදී කොච්චිකඩේ පාලම දෙපස පදිකයින් සදහා ඇති මංතීරු සෑදීම මෙතරම් පමාවීම  මගීන්ට සිදුකරන අවහිරයකි. මේ සම්බන්ධව මාර්ග සංවර්ධන අධිකාරියේ අවධානය යොමු වී නොමැතිද ? නැතිනම් ඒ සදහා වෙනත් බාධාවක් තිබෙනවාද?