කොච්චර රෝහල් තිබුණත් මීගමුවේ තාමත් රෑට ස්කෑන් එකක් කරන්න තැනක් නෑ?

0
152

nawaloka hospitle2මීගමුව වේගයෙන්ම ඉදිරියට යන ගම්පහ දිස්ත්‍රික්කයේ වෙළද නගරයයි
.මේ නිසාම ලංකාවේ ප්‍රකටම සේවා ජාලයන්ගේ ශාඛා මීගමුව තුල ස්ථාපිත වෙමින් තිබේ.
මීගමුවට මෑතකදිම රිංගු දැවැන්තයා වන්නේ නවලෝක රෝහලයි.
2014 නොවැ 18 වනදා රාත්‍රි 9 ට පමණ හදිසි ස්කෑන් පරික්ෂණයයි සදහා නව ලෝක රෝහලේ දැන් පහසුකම් ඇතැයි සිතා රෝගියෙකු එහි පැමිණ තිබුණි.
එහෙත් පසුව දැනගන්නට ලැබුනේ රෝගින් නැති නිසා අදාළ ස්කෑන් පරික්ෂණය කිරිමට සිටි  වෛද්‍යවරයා නැවත ගොස් ඇති බවයි.
පසුව මෙම  රෝගියා මුළු මීගමුවේම පිහිටි සියළු පුද්ගලික රෝහල් වෙතින් විමසිමක් කළද
ඒ එකකවත් අදාල පහසුකම සපයන්නට හැකියාවක් තිබුනේ නැත.
පසුව වත්තල හේමාස් පුද්ගලික රෝහලෙන් විමසා සිටියද ඔවුන් පවසා තිබුනේ රාත්‍රි 10 වන තෙක් පමණක් අදාළ වෛද්‍යවරයා මෙම සේවාව ලබාදෙන බවය.
මීගමුව ගැන විශ්වාසය තබා තැන තැන යාම නිසා වත්තලට නියමිත වේලාවට යාමට නොහැකි වූයෙන්  අදාළ පරික්ෂණය පසුදිනට කල් දමන්නට ඒ රෝගියාට සිදුවිය.