කොච්චිකඩේ කුණු අදින්න කියල ගත්තු කම්කරුවන්ට නිකන් පඩිගෙවනලු ! තාම කුණු අදින්නේ කොම්පැණියක් !

0
53

kunu 300මිගමුව මහනගර සභාවේ වත්මන් පාලනය හිතුවක්කාරි ලෙසින් මහජන බදු මුදල් නාස්ති කරමින් සිටින බව අප අවස්ථා කිපයකදිම හෙළිදරව් කළෙමු.
එහෙත් පාලකයන්ගේ හැදියාවන්වල කිසිදු වෙනසක් නැත.
දැන් මේ තත්වය තවත් බරපතල වනුයේ  කුමන්ත්‍රණකාරි හොර ආණ්ඩුවක ආශිර්වාදයද මේවන් කම්බ හොරුන්ගේ පාලනයන් වෙත දැන් ලැබෙනවා යැයි හිතන්නට පටන් ගෙන තිබිමද නිසාය.
පසුගිය කාලය තුල පාලත්පාලන කොමාසාරිස් තනතුරද නොමග යවමින් කොච්චිකඩේ ප්‍රදේශයේ කුණු අදින්නට යැයි කියා සේවකයන් 40 ගණනක්ද බදවා ගැණුන අතර ඒ අයට මාසිකව පඩි ගෙවිම සදහා රු ලක්ෂ 12 කට ආසන්න මුදලක් මේ වන විට වැය කරමින් තිබේ.
මෙයට අමතරව තවත් ලක්ෂ ගාණක් වැය කරමින් ට්‍රැක්ටර් යනාදිය පවා ලබාගෙන ඇති බව කියැවේ .
මේ අනුව පසුගිය ජුනි මාසයේ පමණ සිට මෙ වන රුපියල් ලක්ෂ 150 ක්ද ඉක්මවා මහජන මුදල් වැයකළද අදටත් කොච්චිකඩේ ප්‍රදේශයේ කුණු ඇදිම කරගෙන යනු ලබන්නේ සෙවන්හිල්ස් නම් වු ආයතනය විසිනි.
පැහැදිලි මුදල් නාස්තියක් මේ ආකාරයෙන් දේශපාලන අධිකාරිය විසින් සිදුකරගෙන යමින් සිටියදි මේ ගැන ක්‍රියාමාර්ග ගතයුතු කොමසාරිස්වරිය ඇතුළු පරිපාලන අධිකාරිය තවමත් මුණිවත රකි.