කොච්චිකඩේ කුණු කන්ද ගිනි ගනී ?

0
98

fire newමීගමුව මහනග සභාවේ කුණු බැහැර කෙරෙන  කොච්චිකඩේ ඕවියාවත්තේ කුණු කන්දේ අද රාත්‍රියේ ගින්නක් හට ගෙන ඇතැයි වාර්ථා වේ.
මේ ගින්න නිවා දැමිම සදහා මීගමු ගිනි නිවන ඒකකයේ ගිනි නිවන රථද කැදවා තිබුණු බව වාර්ථා විය.
මීට වසර ගණනාවකට ඉහතදි මේ කුණුකන්ද ගිනි ගත් අවස්ථාවේදි ඒ අසල ප්‍රදේශය වාසය කළ වයෝවෘද්ධ මවකද මිය ගියාය.
මෙසේ කුණු කන්ද ගිනි ගැනිමට හේතුව ලෙස ප්‍රදේශවාසින් පවසා සිටින්නේ ටෙන්ඩර් කොන්දේසි ප්‍රකාරව නිසි ආකාරයෙන් කසල අතුරාලිමෙන් පස නියමිත පරිදි බොරළු ඇතිරිම සිදුනොවිම විය හැකි බවය.
පසුගිය කාලය තුල මේ කටයුත්ත ප්‍රමිතියකට අනුව සිදු නොවිම පිළිබදව විගණන වාර්ථාවක්ද කැදවා  තිබුණ අතර එහි ප්‍රථිඵලයක් ඇතැම් බලධාරින් හට මුදල් වලින් එය ගෙවා දැමිමටද නියෝග ලැබි තිබුණි.