කොච්චිකඩේ, පල්ලිය පාරේ කාණු කැපීම ගැන පෙර දැනුම්දීමක් නැහැ. ව්‍යාපාරිකයින්ගේ අසතුට ?

0
130

පෙර කිසිදු දැනුම් දීමක් නොමැතිව අද (2011/07/09) උදෑසන කොච්චිකඩේ පල්ලිය පාරේ කාණු කැපීම සදහා මීගමුව නගර සභාවේ  සේවකයන් පැමිණ තිබේ. බැකෝ යන්ත‍්‍රයක්ද රැගෙන මෙලෙස කාණු කැපීමට පැමිණි පිරිස අතර මුලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ මීගමුව නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ බන්ධුල නාඔටුන්න  මංතී‍්‍රවරයායි. ජලය බැස යාමට මාර්ගයේ මෙලෙස කාණු කැපීම හොද වැඩකි. එහෙත් එය කලින් නොදන්වා හිටි හැටියේ සිදු කිරීමට යාම එම මාර්ගයේ ව්‍යාපාරික ස්ථාන හිමි සුඵ ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාරික කටයුතු නිසි ලෙස පවත්වා ගෙන යාමට බාධාවකි . විශේෂයෙන්ම අද දිනය සති අන්ත සෙනසුරාදා දිනයක් වන බැවින් මෙම පාරේ ඇති ව්‍යාපාරික ස්ථාන වෙත වැඩි වැඩියෙන් පාරිභෝගිකයෝ පැමිණෙති. මේ බව කිසිදු ව්‍යාපාරිකයෙකු එලිපිට ප‍්‍රකාශ නොකළත් පෙර දැනුම් දීමකින් තොරව මෙලෙස කාණු කැපීමට පැමීණීම ඔවුන් බහුතරයක් අනුමත නොකරයි.

තුෂාර රොහාන්