කොච්චිකඩේ පොල කරන්නේ අජිත්ද රොෂාන්ද නගරාධිපති තුමෙනි උත්තර දෙන්න.

0
76

මීගමුවේ දේශපාලන චණ්ඩිමල්ලිලා නිසා පොළක්වත් හරියට කරගන්න බැරි තත්වයක් උදා වෙලා.කොචිචිකඩේ පොල කලින් කෙරුවේ ආණ්ඩු පක්ෂෙ කොචිචිකඩේ පැත්තේ චණ්ඩි මල්ලියෙක්. එයාගෙන් මේ ක ගලවගන්න හින්ද අපේ නගරාධිපති තුමා අංශ 180 ක turn එකක් ගහලා මාර ප්‍රගතිශිලි වුණා. ටෙන්ඩර් ක්‍රමයට පොළ බදුදෙන්න ඕනේ කියල බෙරිහන් දුන්න.

ඔන්න ඉතින් ටෙන්ඩර් කරා කියමුකෝ . හැබැයි ගේම වැරදුනා. නගරාධිපතිගේ ලොක්කයියා ( හැබැයි එයාට වඩා වයසින් පොඩියි )ඉන්නවනේ එයාගේ කොන්ක්‍රිට් පැන්ස් කෙනෙක්ගේ සහෝදරයෙක්ට මේක අරන් දෙන්න තමයි ට්‍රයි කළේ. නමුත් වැඩේ ගැස්සුනා. රෝෂාන් කියල කොල්ලෙක්ට තමයි ටෙන්ඩරේ ගියේ එදා ඉදන් අලුත් චණ්ඩි මල්ලිලා දැගලුවේ රොෂාන්ගෙන් ගලවගෙන කොන්ක්‍රිට් ගජයාගෙ සහෝදරයා , අජිත්ට භාර දෙන්න. ඒ හින්ද මාර ගේමක් දියත් කළා. කොහොම හරි දැන් පොලේ ඇත්ත අයිතිකරු කව්ද කියල හැමෝම දන්නව. හැබැයි අපේ අහිංසක නගරාධිපති ඇරෙන්න.

පොලේ අයිතිය අජිත්ටද රොෂාන්ටද කියල ඊළග මහ සභාවේදි කිව්වොත් අපි ඔයාට බඩ්ඩක් දෙනවා.

ඒක ඉනේ බැදගන්න. එතකොට ඔය එක එකාට බයවෙලා ඔයාගේ පට්ටම ගහලා යන වැඩ කරගන්න ඕනේ නෑ.අපි කැමති නැ ඔයා නගර ය තියා පොලක්වත් පාලනය කරගන්න බැරි කෙනෙක් කියල දැනගන්නවට…..

මේව ලිව්ව කියල තරහ වෙලා අපිට විරැද්ධව මහ සභාවට යෝජනා ගේන්න එහෙම එපා රජෝ……

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here