කොච්චිකඩේ පොළ කොන්ක්‍රිට් චමින්දලාගේද .?

0
76

සෑම බදාදා දිනකම මීගමුව කොච්චිකඩේ රාත්‍රිපොල අර්බුදකාරි වාතාවරණයකින් පසු යළිත් නගර සභාවේ පාලනයට යටත් කිරිමට සිදුවිය.

එහෙත් පසුගිය දිනවල මෙහි මුදල් එකතු කර තිබුනේ වෙනත් පිරිසක් විසිනි. ඔවුන් විසින් රු 75000 ක් පමණ එකතුකරගෙන ඉන් රු 15000 ක් පමණ මුදලක් නගර සභාවට දි තිබුන බව වාර්ථා  වේ.

මීගමුව මහනගර සභාවේ ප්‍රබලතම මන්ත්‍රිෙග් ගෝලයන් පිරිසක් වු කොන්ක්‍රිට් චමින්ද ඇතුළු පිරිස මෙසේ බදාදා පොළේ මුදල් ගසාකන්නට පටන් ගැනිමට එරෙහිව  ආණ්ඩු පක්ෂ මන්ත්‍රින් පිරිසක් විසින්  කොච්චිකඩේ පොලිසියට පැමිණිලි කර ඇතැයි වාර්ථා වේ.