කොච්චිකඩේ පොළ නැවතත් ටෙන්ඩර්කරුට ?

0
23

පසුගිය සති කීපයකට පෙර  නගර සභාව විසින්  කොච්චිකඩේ රාත්‍රී පොළ පවත්වන ස්ථානය හා ටෙන්ඩරය වෙනස් කරමින් නැවතත් බදාදා රාත්‍රී පොළ කොච්චිකඩේ දුම්රියපළ අසල පැවැත්විමට ආරම්භ කරන ලදී. මේ වෙනුවෙන් අලුතින් පෝස්ටරයක්ද අලවා තිබුණි. බදාදා පොළ නැවත පරණ ස්ථානයේ ආරම්භ කිරිම සම්බන්ධයෙන් මීගමුව නගරාධිපති,පළාත්සභා මන්ත්‍රී නිමල් ලන්සා, හා මන්ත්‍රී දයාන් ලන්සා ට ස්තූතිය පුදකරන බව සදහන් කරමින්   ඔවුන්ගේ ඡායාරූප සහිත පෝස්ටරයකින් දන්වා තිබුණි.  මේ  වෙනුවෙන් අලුතින් දුම්රිය දෙපාර්තමේනතුවට අයත් භූමියක් බද්දට ගෙන ඇති අතර ඒ සදහා අවුරුද්දකට ගෙවිය යුතු බදු මුදල වන රු 161000ක  මුදල්  චෙක්පතක්  මීගමුව නගර  සභාව විසින් ගෙවීම සදහා 27 වනදා පැවති මුදල් කාරක සභාවට ඉදිරිපත් කර තිබුණි.

එහිදී මීගමුව නගර සභාව මෙම බදදා පොළ සම්බන්ධයෙන් ගත් තීරණය සම්පූර්ණයෙන් නගර සභා ආඥා පනතේ ක්‍රියා පටිපාටියට පටහැනි බව එම  මුදල් කාරක සභාවේ දී  (එජනිස)යේ මන්ත්‍රී කපිල නන්ද සුලෝචන මන්ත්‍රීවරයා විසින් ප්‍රශ් න ක ර ඇත.  එමෙන්ම එහිදී  ඔහු මෙම කොච්චිකඩේ පොළ සම්බන්ධයෙන් සිදුකර ඇති වෙනස් වීම මගින් ටෙන්ඩර් කොන්දේසි උල්ලංඝනය කර ඇති බවත් නැවතත් මෙම රාර්‍ත්‍ර පොළ පවත්වාගෙන යාමේ අවස්ථාව කලින් ටෙන්ඩර්කරුට ලබාදෙන ලෙසත් යෝජනා කර ඇත. එමෙන්ම පොළ පවත්වාගෙන යාම සදහා බද්ධට ගෙන ඇති භූමියට ගෙවිය යුතු බදු මුදල   ටෙන්ඩර්කරුට ගෙවීමට යෝජනා කරන ලෙසද මන්ත්‍රීවරයා යෝජනාවක් ඉදිරිපත් කර අැත. මේ සම්බන්ධයෙන් මීගමුව මහ නගර සභාව විසින් ගන්නා ක්‍රියාමාර්ග ගැන ඉදිරි මහ සභා රැස්වීමකදී සාකච්ඡා කර තීන්දු වීමට සාකච්ඡා කළ බව වාර්තා වේ. මේ  මීගමුව මහනගර සභාවේ නගරාධිපතිවරයා පවසා ඇත්තේ තමන් මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවයි.