කොච්චිකඩේ – ගුරු මාපියන්ට උපහාර

0
893

DSC_0367

අද (19දා) කොච්චිකඩේ මහ විද්‍යාලයේ ආදි සිසු සුවියන් විසින් සංවිධානය කරනලද ගුරුඋපහාර උළෙලක් සහ BACK TO SCHOOL වැඩසටහනක් අද කොච්චිකඩේ මහ වදුහලේදී පැවැත්වින. මේ සදහා පාසැලේ ඉගෙනුම ලැබූ සිසුන් , සිසුවියන් 1000කට වැඩි පිරිසක් පා   සැල් ඇදුමින් සැරසී මෙම උත්සවය සදහා ඉතා උද්යෝගයෙන් කටයුතු කරනු පෙනින. ඔවුන් විසින් කාලයක් තිස්සේ තම ශ්‍රමය සහ දැනුම ලබාදුන් ගුරුමහත්ම මහත්මීන්ට උපහාර පැවැත්වූ මේ අවස්ථාව තුළ සහභාගිවූ සියළු දෙනාටම තම පාසැල් කාලය සිහිකැදවන අවස්ථාවක් විය. සාමාන්‍ය පාසැල් දිනයක් මතකයට නංවමින් සීනුව නාද කිරීමෙන් ඒඒ වැඩසටහන් ආරම්භ කිරීම අවසන්කිරීම සිදුවිය.

මෙහිදී පළමු කථාව නර්තන ආචාර්්‍ය නාමල් වේවැල්දෙනිය ( ශිෂ්‍යයා) විසින් සිදුකරන ලදී. ඉන්පසු මෙම වැඩසටහන නිර්මාණය කිරීමට මූලික කාර්්‍යභාරය ඉටුකල එහි කැදවුම්කරු වන ගාමිණී ඒකනායක මහතා (ශිෂ්‍යයා) නොනිදි දෙමස නමින් මෙම වැඩසටහන සදහා පැරණි ආදිසිසුවන් එකතුකරමින් ආරම්භක ශක්තිය ගොනුකළ ආකාරය පැහැදිළි කරන ලදී.

වැඩසටහන සදහා වර්තමාන විදුහල්පතිතුමා ඇතුළු ගුරුදෙමාපියන් 35කට වැඩි පිරිසක් සහභාගි විය. ඇවිදයාමට අපහසු ගුරුදෙමාපිය රෝදපුටුවල තබා රැගෙන පැමිණි අතර සමහරඅය අත්වාරු භාවිතයෙන් වැඩසටහනට සහභාගිවිය. කෙසේ නමුත් මෙම අවස්ථාව නවමු අත්දැකීමක් ලබාදුන් අවස්ථාවක් විය.

Save

Save

Save