කොච්චිකඬේ, රාතී‍්‍ර පොළ නැවත දුම්රිය පළ අසල ට ගෙන ඒම පිටුපස සිදුවන්නේ කුමක්ද?

0
168

මාර්තු 13 වැනි දින උදෑසන වන විට කොච්චිකඬේ සහ මීගමුව ආශී‍්‍රත සමහර ප‍්‍රදේශ වල අලවා තිබූ පෝස්ටරයක දක්වා තිබුණේ  සතියේ බදාදා දින රාති‍්‍රයේ  පවත්වන කොච්චිකඬේ රාතී‍්‍ර පොළ නැවතත් කොච්චිකඬේ පොලිසිය ආශී‍්‍රත ප‍්‍රදේශයේ පැවැත්වෙන බවකි.
මීට පෙර වතාවකදීද මෙම රාතී‍්‍ර පොල පැවතියේ කොච්චිකඬේ පල්ලන්සේන පාරේ පොලිසිය අසල දුම්රිය ස්ථානයට අයත් එනම් දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් වූ භූමියකය. එහිදී එම පොළේ වෙළෙදුන්ගෙන් එකතු වන ආදායම නගර සභාවට නොලැබුණි. එහි ආදායම ලබා ගත්තේ ආණ්ඩු පක්ෂයේ නාගරික මන්තී‍්‍රවරයෙක් ඇතුඵ පිරිසකි. එහිදී ඒ පිලිබදව දැඩි ලෙසම විරුද්ධත්වය ප‍්‍රකාශ කළේ එවකට ආණ්ඩු පක්ෂ නාගරික මන්ති‍්‍රවරයෙකු වූ  වර්තමාන මීගමු නගරාධිපතිවරයායි. මේ පිලිබදව හර්මන් කුරේරා මහතා නගරාධිපති ධුරයේ  සිටින විට එක් මහා සභා වාරයකදී ඇන්ටනී ජයවීර මහතා ඇතුඵ මන්තී‍්‍රවරු කිහිප දෙනෙක් සභා ගර්භයෙන් පිටවී ගියේ මීගමුව පොළවල් සම්බන්ධයෙන් නගරාධිපතිවරයා සිය බලතල අනුව කි‍්‍රයාත්මක නොවීම තුළ නගර සභාවට ලැබෙන ආදායම අහිමි වන බව පවසමිනි.
පෝස්ටර් අලවා අලූතින් පටන්ගත් කොච්චිකඬේ පොළේ ස්ථානය වෙනස් වීම විධිමත් ක‍්‍රියාමාර්ගයකට අනුව සිදුවී නොමැති අතර මෙහි ප‍්‍රධාන ප‍්‍රහේලිකාව වන්නේ 2011 සැප්තැම්බර් මාසයේදී වෙනත් ටෙන්ඩර්කරුවෙකුට ලබාදුන් ටෙන්ඩරය ද තවම වෙනස් නොවී තිබීමයි.
ඒ අනුව එම ටෙන්ඩර් කොන්දේසි තවමත් බලපැවැත්වේ. කරුණු  එසේ තිබියදී නගරාධිපතිවරයා හා ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරයෙකු සම්බන්ධ වී දුම්රිය දෙපාර්ත‍‍ෙම්න්තුවට අයත් මෙකී භූමිය බදාදා පොළ සඳහා බදු ගෙන ඇති   බවද වාර්තා වේ. නගර සභාව විසින් බදු දෙන පොළක් වැනි ස්ථානයකට අවශ්‍ය භුමියක් වෙනත් පාර්ශවයකගෙන් බදු ගනිද්දී එම කි‍්‍රයාමාර්ගයද සිදු විය යුත්තේ  මුදල් කාරක සභාව තුලින් සම්මත කර ගෙන පසුව එය මහා සභාවේ ද සම්මත වීමෙනි.
නමුත් අලූතින් බදාදා පොළ ආරම්භ කිරීම සම්බන්ධයෙන් අනුගමනය කර ඇති ක‍්‍රියා පටිපාටිය තුළ විනිවිදභාවයක් නොමැති බවද ඒ  පිළිබඳව ද ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත‍්‍රීවරුන් අතර ද යම් මතභේදයක් පවතින බව වාර්තාවේ.