කොටදෙණියාවේ පාසැල් සිසුවාට පොලිසිය පහරදුන් බව වෛද්‍ය පරික්ෂණයේදි හෙළිවෙයි.

0
26

mad  policeපසු ගිය දා කොටදෙණියාව අකරංග ගහ ප්‍රදේශයෙේ දී සිදූ වු සේයා සදෙව්මි දැරියගේ ඝාතන සිද්ධිය සම්බන්දව සැක පිට අත් අඩංගුවට ගත් සැක කරුවන් දෙදෙනා විශේෂ වෛද්‍ය පරික්ෂණයක් සදහා ඊයේ 30 දින මිගමුව දිස්ත්‍රික් මහ රෝහලේ අධීකරණ වෛද්‍ය වරයා වෙත ඉදිරි පත් කෙරුනි
මෙම සැක කරුවන් දෙදෙනා පසු ගිය 28 දින මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කර අදාල නඩු විභාගය වෙන අවස්ථාවේ  විත්තියේ නීතිඥ මහත්වරුන් අධීකරණය වෙත දන්වා සිටියේ මෙම පාසල් සිසුවාට සහ අනිත් පුද්ගලයාට දින 3ක් පොලිසියේ රදවාගෙන පහර දී ඇති බවයි. එබැවින් මෙම දෙදෙනා වෛද්‍ය පරික්ෂණයට යොමු කරන ලෙස ගරු අධීකරණයෙන් ඉල්ලා සිටින ලදි.
ඒ අනුව ප්‍රධාන මහෙස්ත්‍රාත් වරයා ප්‍රකාශ කර සිටියේ ලබන නඩු දිනය වන 2 දිනට පෙර අදාල සැක කරුවන් දෙදෙනා බන්ධනාගාර නිළධාරින් මාර්ගයෙන් මිගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රධාන අධීකරණ වෛද්‍ය නිළධාරි වරයා වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්ථාවක් අධීකරණයට ඉදිරිපත් කරන ලෙසය.
සැක කරුවන් දෙදෙනා බන්ධනාගර නිළධාරින්  මාර්ගයෙන් මිගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රධාන අධීකරණ වෛද්‍ය නිළධාරි වරයා වෙත යොමු කෙරුනි.
මිගමුව විශේෂඥ වෛද්‍ය එම්. එන්. රුහුල් හක් මහතා ඇතුළු විශේෂ වෛද්‍ය කණ්ඩායමක් මගින් මෙම පරික්ෂණය සිදූ කෙරුණි.
වෛද්‍ය වාර්ථාව අධීකරණය වෙත ඉදිරිපත් කරන බව ප්‍රධාන අධීකරණ වෛද්‍ය නිළධාරිවයා ප්‍රකාශ කලේය
මේ අතර නිලනොවන ආරංචි මාර්ග දක්වා සිටින්නේ අදාල සැකකරුවන් හට පොලිසිය පහරදි ඇති බවයි.
මේ සැකකරුවන් දෙදෙනා වැඩිදුර පරික්ෂණ සදහා උගුර කණ සහ නාසය පිළිබදව විශේෂඥ වෛද්‍යවරයා වෙතද යොමු කර ඇති බව වාර්ථා වේ.