කොටන් අදින අලි සහ පෙරහැරේ යන අලි ……….

0
826

milanomilano 2

ඔබ මෙහි දකින පලමු ජායාරූපය හරියටම මීට වසර දෙකකට පෙර අද වැනි දිනෙක වෙන්නප්පුව ආසනයේ බටහිර දුම්මලදෙනිය වෙරල පාරේ දසුනකි .මා ඇතුලු පිරිසක් මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ජන්දය අයදිමින් කැන්වසින් කරන ආකාරයයි .
දෙවන ජායාරූපය වර්තමාන අමාත්‍ය නිරෝෂන් පෙරේරා මැතිතුමා සමගින් වෙන්නප්පුව නගරයේ මැතිවරන ප්‍රචාරක කටයුතු වල යෙදෙන ආකාරයයි . මේ හා බැඳුණ යටපත් කල නොහැකි අතීත කතාවට අපි දැන් අවතීර්න වෙමු .
රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් ලබා ගත් යුද ජයග්‍රහණය තමන්ගේ පුද්ගලික ජයක් සේ හුවා දක්වමින් රටේ සමස්ථ ජාතික ධ්නය හා ජාතික සම්පත් හරි අඩකටත් වැඩියෙන් එක් පවුලක් විසින් පරිහරනය කරමින් ද එම පවුල හා ඔවුන් වටා සිටින සීමිත පිරිසක් විසින් රටම බලහත්කාරයෙන් අයිති කර ගෙන ඒකාධිපති පවුල් පාලනයක් තුලින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කර මාධ්‍ය නිදහසද අහිමි කොට ලෝකයා ඉදිරියේ කොන් වෙමින් මිනීකන්නන්ගේ දේශයක් බවට පත්වී තිබූ යුගය නිමා කිරීමට ලැබුන එකම හා අවසාන අවස්ථාව වූයේ 2015 ජනවාරි 8 ජනාධිපතිවරනයයි .
රාජපක්ෂ ගේ රාජ්‍ය භීෂණය හමුවේ සියලුම ක්‍රියාකාරීන් භ්‍රාන්ත වී සිටි මොහොතක එ ජා ප යේ ආශිර්වාදය යටතේ මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ගල උඩ සටනකට පිවිස ,දෙස් විදෙස් සියලු ප්‍රගතිශීලි ජන කොටස් වල සහය පැතීය . එකල මා මිලානෝ නගරයේ වාසය කරමින් එ .ජා .ප .මිලානෝ ක්‍රියාකාරිකයෙක් ලෙස අන් කිසිවෙකුට සම කල නොහැකි ක්‍රියාකාරකම් රැසක් කරමින් මිලානෝ නගරයේ එ ජා ප ශාඛාවක් ඇති බව ලොවටම පෙන්වා දී තිබුන යුගයකි .
මුලු ලෝකයම එක් යායක් බවට පත් කල අන්තර්ජාලය තුල නොවැම්බර් අග වන විට මිලානෝ නගරය කේන්ද්‍ර කර ගෙන ජනපතිවරණය වෙනුවෙන්ම ස්වාධීන මාධ්‍යවේදියකු විසින් මෙහෙයවනු ලැබූ අරගලය නැමති දේශපාලන විවාද වැඩ සටහන ආරම්භ විය .මෙහි පලමු වැඩසටහනට මා නියෝජනය කල එ ජා ප මිලානෝ සමිතියේ කාරුණික ඉල්ලීම පරිදි එ ජා ප ය වෙනුවෙන් මා සහභාගි වී මහින්ද රාජපක්ෂ රජය ප්‍රබල විවේචනයකට ලක් කිරීමට මට හැකි විය . ඉන්පසුව පැවැත්වූ දෙවන අරගලය වැඩසටහන සඳහා එවකට මිලානෝ එ ජා ප සභාපති වරයාට සහභාගි වන ලෙස වැඩ සටහන් නිෂ්පාදක වරුන් වෙතින් ඇරයුම් ලැබින .මන්දයත් අනෙකුත් පක්ෂ නියෝජනය කරමින්ද එම වැඩසටහනට සහභාගි වූයේ සභාපති වරුන්ම පමනක් වූ බැවිනි .
අප සභාපති වරයා ඊට මුහුන දීමට මැලිවී අවසාන මොහොතේ එය මගහැර ගිය ආකාරය ඉතාමත් ලජ්ජාශීලී විය .මිලානෝ නගරයේ එවකට වෙනත් නම් වලින් අටවාගෙන තිබූ එ ජා ප සමිති යැයි හැදින් වූ වෙනත් කන්ඩායම් වලටද මේ සඳහා ඇරයුම් ලැබුනද කුමන හෝ හේතුවක් නිසාවෙන් ඔවුන්ද සහභාගි නොවීය . මේ තත්වයන් තුල නැවතත් එම වැඩ සටහනට එ ජා ප ය වෙනුවෙන් ඉදිරිපත් වී ගිලිහෙන්නට ගිය පක්ෂයේ ගරුත්වය රැකගැනීමට සිදුවූයේ මටමය .මා ඊට නොපැකිලව ඉදිරිපත්වූයේ අප සැබෑ එ ජා ප යින් නම් එය අපගේ යුතුකම වන බැවිනි .
මේ මොහොත වන විට මා ශ්‍රී ලංකාවේ බිම් මට්ටමේ තත්වය නිරීක්ෂණය කිරීමේදී රාජ්‍ය භීෂණය හමුවේ ජනතාව ඉතාමත් බියෙන් පසු වන බව වැටහී ගිය බැවින් යුරෝ 875 ක් වැනි අධික මිලකට ගුවන් ටිකට් පතක් මිලදී ගෙන ශ්‍රී ලංකාව බලා පිටත් වූයේ මැතිවරනය වෙනුවෙන්මය .මා ගොස් පාරට බසින තුරුම අප ගම්වල මන්ත්‍රීවරුන්ගේ ප්‍රමුඛත්වයෙන් මිස සමිති මට්ටමින් කිසිවෙකු ඇවිද තිබුනේ නැත .ඉහත ජායාරූපය ඔබ හොදින් නිරීක්ෂණය කරන්න .
මෙහි මා හැර වැඩිමහල් පිරිමියෙකුට සිටින්නේ මගේ සොහොයුරෙක් පමනි .අන් සියල්ලන්ම කාන්තාවන් හා කුඩා ලමුන්‍ ය .එදා අප ගම්වල මිනිසුන් කෙතරම් බියක් දැක්වූයේ දැයි ඔබට සිතා ගත හැකිය .නමුත් මා ඔවුන්ට ඊට දොස් නොකියමි .එදා පැවති වාතාවරනය එසේ විය . ඉන් අනතුරුව ජනවාරි 3 වෙනි දින මහා ප්‍රචාරක රැලියක් මාගේ පුද්ගලික වියදමින් අතිසාර්ථකව පැවැත්වීමට හැකි වීමද ජනතා බිය සැක දුරු කිරීමට මහත්සේ ඉවහල් විය තවත් කිහිප දෙනෙකුම මිලානෝ නගරයේ සිට මව්බිමට ගොස් තමනට හැකි අයුරින් බොහෝ දේ කලහ .
මා ඔබට කියන්නට වෙර දරණ ප්‍රධාන කරුනට පිවිසෙමි .මීට මාස තුනකට පමණ පෙර එ ජා ප සිරිකොත පක්ෂ මූලස්ථානය විසින් විදෙස්ගත එ ජා ප ක්‍රියාකාරීන් වෙනුවෙන් සාදයක් සූදානම් කොට තිබින .එදා අරගලය වැඩ සටහනට මුහුන දීමට බියවූ සහ ශ්‍රීලංකාවට ජනාධිපති වරනයට වැඩ කිරීමට යාමට නොහැකිවූ මිලානෝ නගරයේ සභාපති හා ලේකම් යැයි කියා ගන්නා දෙදෙනකු එම සාදයට නම් ලංකාවටම ගොස් සහභාගි විය .
මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස මාගෙන් බොහෝ පිරිස් ඉල්ලීම් කලද මා තව දුරටත් ඉවසීමෙන් හා සංයමයෙන් යුක්තව බලා සිටින්නේ තමන්ගේ වරද තේරුම් ගෙන හෙට දවසේ හෝ නිවැරදි මගට පිවිසෙතැයි යන ධනාත්මක අභිලාෂයෙනි .එසේ නොවන්නේ නම් අකමැත්තෙන් වූවද ඊලඟ පියවරට යාමට එදා මහින්දලාට බිය නොවූ මම අද කාට බිය වන්නද .
මා ඔබේ හිතවත් ලෙස්ලි ලෝව් මිලානෝ සිට
මාගේ මෙම ලිපිය පිලිබඳව ඕනෑම විවාදයකට මා සූදානම්‍ බවද දන්වා සිටිමි .milano 3