කොන්දගම්මුලේලේ ඥානසිරි හිමියන්ගේ අභාවයෙන් ඇතිවු හිස්තැන පුරවන්න මීගමුවේ කව්රුත්ම නෑ !

0
54

1මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව අන්තවාදි බොදුනුවන් අවිඅමෝරාගෙන රටගිනි තියන්න යන පසුබිමක මීගමුවේ අගුරුකාරමුල්ල පන්සලේ ලොකුහාමුදුරුවන් මීගමුව තුල සුවිශේෂි සලකුණක් තැබු හිමිනමක් විය.
සියළු ආගම් සහ ජාතින් දිවි ගෙවන මීගමුව තුල කොන්දගම්මුල්ලේ ඥානසිරි හිමියන් පිළිබදව සැමට තිබුනේ අති උතුම්ම වු ගරුත්වයකි.
එතුමන් නොසිටි ආගමික උත්සවයක් හෝ වෙනත් පොදු කටයුත්තක් මීගමුවේ නොවිය.
උන්වහන්සේ අසනිප තත්වයෙන් සිටියදිත් සිය මෙහෙය එලෙසින්ම ක්‍රියාත්මක කර තිබුණි.මේ අනුව බලන කළ උන්වහන්සේ මීගමුව නම් වු දේදුණු නගරයේ ආගමික සංහිදියාවේ මුදුන් මල්කඩම විය.
කිතුණුවන් බහුතරයක් වෙසෙන මීගමුව තුල ඒ ආකාරයෙන් අන් ආගමිකයන්ගේ බුහුමනට බදුන් වු කිසිවෙකුත් ඇත්තේම නැත.
මේ සියල්ලටත් වඩා සුවිශේෂිම කරුණු වි තිබුනේ උන්වහන්සේ පිළිබදව මීගමුවේ සමස්ථ මුස්ලිම් ප්‍රජාව තුල වු භක්තියයි.
මේ රටේ කිසිදු පළාතක බෞද්ධ භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ දේහයකට බුහුමන් දක්වන්නට මීගමුවේදි තරම් මුස්ලිම් ජනයා පැමිණ ඇතැයි අප නම් නොසිතමු.