කොන්දගම්මුල්ලේ ඥානසිරි හිමියන්ගේ අභාවයෙන් ඇතිවු හිස්තැන පුරවන්නේ කව්ද ?

0
76

1(2.50pm)මීගමුව නගරය අද ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම කථාබහට ලක්ව තිබේ. ඒ අන්තවාදි මුස්ලිම් සංවිධානයක් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් අසරණ කිතුණු ජිවිත 100 ගණනක් බිලිගෙන තිබෙන පසුබිමකය.
ඒ සා විශාල ඛේදවාචකයකට මුහුණු දුන් මිගමුවේ කිතුණු ප්‍රජාවගේ හැසිරිම මුළු මහත් ශ්‍රිලංකාවට ආදර්ශ කැයි ප්‍රබල ඇගයුමකට මේ වන විට ලක්ව තිබේ.
මීගමුව යනු දේදුණු නගරයකි.
එදා පටන්ම එය සාමකාමිය.
සියළු ආගම්වල ජනයා සමගියෙන් කල්යැවුහ.
මේ තත්වය මිගමුව තුල ඇති කිරිමට මුල්ව කටයුතු කළඅය අතර  සුවිශේෂි පුද්ගලයෙකු පිළිබදව අපගේ මතකය මේ තිරාණාත්මක මොහොතෙත් මතුව වෙමින් තිබේ.
දේදුණු නගරයේ පහන්ටැඹ වුයේ උන්වහන්සේය.
වෙනදාටත් වඩා උන්වහන්සේගේ අගය දැනෙන මොහොතක අප මිගමුව තුල කල්යැව්වද උන්වහන්සේ එදා සිට දේදුණු නගරයේ සංහිදියාව වෙනුවෙන් දැමු ශක්තිමත් අඩිතාලම මත මේ සා විශාල විනාශයකින් පසුවත් මිගමුව අදටත් සාමකාමිය.
වෛරයම වපුරා වෛරය පමණක් නෙලා ගන්නට බණ කියන බණ අහන ඇතැමුන් සිටින රටක කොන්දගම්මුල්ලේ ඥානසිරි හිමියන් සෑබෑම බුදු පුතෙකු විය.
මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව අන්තවාදි බොදුනුවන් අවිඅමෝරාගෙන රටගිනි තියන්න යන පසුබිමක මීගමුවේ අගුරුකාරමුල්ල පන්සලේ ලොකුහාමුදුරුවන් මීගමුව තුල සුවිශේෂි සලකුණක් තැබු හිමිනමක් විය.
සියළු ආගම් සහ ජාතින් දිවි ගෙවන මීගමුව තුල කොන්දගම්මුල්ලේ ඥානසිරි හිමියන් පිළිබදව සැමට තිබුනේ අති උතුම්ම වු ගරුත්වයකි.
එතුමන් නොසිටි ආගමික උත්සවයක් හෝ වෙනත් පොදු කටයුත්තක් මීගමුවේ නොවිය.
උන්වහන්සේ අසනිප තත්වයෙන් සිටියදිත් සිය මෙහෙය එලෙසින්ම ක්‍රියාත්මක කර තිබුණි.මේ අනුව බලන කළ උන්වහන්සේ මීගමුව නම් වු දේදුණු නගරයේ ආගමික සංහිදියාවේ මුදුන් මල්කඩම විය.
කිතුණුවන් බහුතරයක් වෙසෙන මීගමුව තුල ඒ ආකාරයෙන් අන් ආගමිකයන්ගේ බුහුමනට බදුන් වු කිසිවෙකුත් ඇත්තේම නැත.
මේ සියල්ලටත් වඩා සුවිශේෂිම කරුණු වි තිබුනේ උන්වහන්සේ පිළිබදව මීගමුවේ සමස්ථ මුස්ලිම් ප්‍රජාව තුල වු භක්තියයි.
මේ රටේ කිසිදු පළාතක බෞද්ධ භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ දේහයකට බුහුමන් දක්වන්නට මීගමුවේදි තරම් මුස්ලිම් ජනයා පැමිණ ඇතැයි අප නම් නොසිතමු.
උන්වහන්සේගේ අභාවයෙන් ඇතිවුන හිස්තැන පිරවෙන්නේ නම් කොයිතරම් නම් අගනේද ?